Feb 2, 2013

මුවන්පැලැස්සයි හඳමාමයි


පුරා වසර පනහක් අඛණ්ඩව ප්‍රචාරය කරන ලද 'හඳ මාමා වැඩ සටහන ලොව මතෛක් ප්‍රචාරය වී ඇති ළමා වැඩසටහන් අතර දෙවැනි වනුයේ පිලිපීනයට පමණි. පිලිපීනය හැරුණු විට ලෝක මට්ටමේ අඛණ්ඩව වසර 50ක් ප්‍රචාර වූ එකම ළමා ගුවන්විදුලි වැඩසටහන වනුයේ 'හඳ මාමා' ය. වර්ෂ 1964 පටන් ගුවන්විදුලියට රචනා කරන ලද 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය දීර්ඝ කාලයක් තුළ ප්‍රචාරය වූ එකම ගුවන්විදුලි නාටකය ලෙස ලෝක සන්නිවේදන ඉතිහාසයට දැනටමත් එක් වී ඇති බැවිනි. ගුවන් විදුලියේ දෙවන කඩඉම ලෙසින් මුදලිනායක සෝමරත්නයන්ගේ කලා දිවියට වසර පනහක් පිරීමද ඒ හා සමගාමීව සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එහි අසූහත් වසරක ඉතිහාසය තුළ ඉතා වටිනා කඩඉම් දෙකක් පසුගිය දෙසතියෙහි පසුකරන ලද්දේ ශ්‍රී ලාංකික ශ්‍රාවක පිරිස තුළ පමණක් නොව ලෝක සන්නිවේදන ඉතිහාසය තුළද නොමැකෙන වාර්තාවන් දෙකක් තබමිනි. එහි පළමු වැන්න පසුගිය දෙසැ. 21 දිනද එහි දෙවැන්න පසුගිය දෙසැ. 28 දිනද ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියෙහි කූඨප්‍රාප්තියට පත්වූයේ අතීත මතක සැමරුම් රාශියක්ද ශ්‍රාවක මනසෙහි නොමැකෙන ලෙස තැන්පත් කරවමිනි. ඉන් පළමුවැන්න නම් ශ්‍රී ලංකා ගුවන් විදුලි 26-3සංස්ථාව වර්ෂ 1963 දෙසැ. 12 දින සිට අද දක්වා අඛණ්ඩව නිෂ්පාදනය කරනු ලබන 'හඳමාමා' වැඩසටහන සිය පනස් විය සපිරීමයි. 'හඳමාමා' යනු කුඩා දරුවන්ගේ ලෝකය නිර්මාණාත්මක හැකියාවන්ගෙන් එළිය කරන ලද, ළමා ලෝකය වෙත හරවත් මංමාවතක් පාදා දුන්, එළිපෙහෙළි කරදුන් වැඩසටහනකි. 

     එහි ඉතිහාසය විසින් අප රටට දායාද කොට ඇති බොහෝ පුද්ගලයෝ විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වති. එකිනෙක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ වෙති. එහෙත් එහි විශේෂත්වය වනුයේ එයම පමණක් නොවේ. පුරා වසර පනහක් අඛණ්ඩව ප්‍රචාරය කරන ලද හඳ මාමා වැඩ සටහන ලොව මතෛක් ප්‍රචාරය වී ඇති ළමා වැඩසටහන් අතර දෙවැනි වනුයේ පිලිපීනයට පමණි. පිලිපීනය හැරුණු විට ලෝක මට්ටමේ අඛණ්ඩව වසර 50ක් ප්‍රචාර වූ එකම
ළමා ගුවන්විදුලි වැඩසටහන වනුයේ 'හඳ මාමා' ය. 

ගුවන් විදුලියේ දෙවන කඩඉම ලෙසින් මුදලිනායක සෝමරත්නයන්ගේ කලා දිවියට වසර පනහක් පිරීමද ඒ හා සමගාමීව සිදුවිය. මුදලිනායක සෝමරත්නගේ වසර පනහක සේවාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වැදගත් වනුයේ ඔහු වර්ෂ 1964 පටන් ගුවන්විදුලියට රචනා කරන ලද 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය දීර්ඝ කාලයක් තුළ ප්‍රචාරය වූ එකම ගුවන්විදුලි නාටකය ලෙස ලෝක සන්නිවේදන ඉතිහාසයට දැනටමත් එක් වී ඇති බැවිනි. 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය යනු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පමණක් නොව, අනිකුත් සියලුම එෆ්.එම්. නාලිකා නිෂ්පාදනය කරන ලද සෑම නාටකයකටම වඩා ‍පොදු ජනයා අතර ජනප්‍රිය වූ එකම ගුවන් විදුලි නාටකයයි. එහි ජනප්‍රියතාව අදද නොනැසී පවතී. සැබවින්ම 'මුවන්පැලැස්ස' ගුවන් විදුලි නාටකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලබාදුන් ආලෝකය ඉතා විශාලය. එහි ආරම්භක නිෂ්පාදිකාව වූයේ නන්දා ජයමාන්න ඒ සම්බන්ධව කරන ලද කැපවීමද ඉතා විශාලය.

'මුවන්පැලැස්ස' නාටකයෙහි ප්‍රධාන චරිතය වූ 'කෝර‍ලේ මහත්තයා'ගේ චරිතයට පන ‍පොවන විජේරත්න වරකාගොඩ අදද තවමත් එම චරිතය නිරූපණය කරමින් ලෝක ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ එකම ගුවන්විදුලි නාට්‍යයක එකම චරිතය වැඩිම වාර ගණනක් රඟපෑ ගුවන්විදුලි ශිල්පියා වශයෙන්ද ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. එම චරිතය එම නාටකයෙහි කේන්ද්‍රීය චරිතය බවට පත්වෙමින් එදා සිට අද දක්වා ශ්‍රාවකයන්ගේ නොමඳ ජනප්‍රියතාවයට පත්වී ඇත්තේ බාල, වැඩිහිටි, මහලු යන සෑම වයස් ඛාණ්ඩයක් තුළම නොමැකෙන මතක සටහන් රාශියක්ද ශේෂ කරවමිනි. 'මුවන්පැලැස්ස' ‍පොදු ජනයාගේ ජනප්‍රියම ගුවන්විදුලි නාටකය වූවා සේම, එහි තේමා සංගීතයද සෑම ශ්‍රාවක මතකයෙන් ගිලිහී නොයන සංගීත ඛණ්ඩයක් වී තිබේ. එම නාටකය ග්‍රාමීය සමාජය පසුබිමෙහි බිහි වුවත් එහි තේමා සංගීතය උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරෙහි බිහිවී ඇති නාද මාලාවකි
26-2න් පිරිපුන්ය. එහෙත් එය ශ්‍රාවකයන් ආදරයෙන් වැළඳගත් අතර එම තේමා සංගීතය ඇසුරෙහි ඔවුන් ලද වින්දනයද අපරිමිතය. අද පවා එම සංගීත ඛණ්ඩය ඇසෙන ඕනෑම මොහොතක අපගේ මතකය ඉතා ඈත අතීතයක් වෙත අපව රැගෙන යනුයේ 'මුවන්පැලැස්ස' නාටකයෙහි චරිත එකිනෙක අපගේ මතකයෙහි පෙළ ගස්වමිනි. 

'මුවන්පැලැස්ස' හා බැඳුණු ඉතා රසවත් අතීතයක්ද ඇත. එය මුල් යුගයෙහි කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් එකල ‍පොලිස් වාර්තාවන්ට අනුව වැඩිම සොරකම් ප්‍රමාණයක් සිදුවී ඇත්තේ එය ප්‍රචාරය වන කාල සීමාතුළදීය. එමෙන්ම මහා මාර්ගයන්හී අධික වාහන තදබදයක් පැවතී ඇත්තේද එදිනය. 

එමෙන්ම සර්. ජෝන් කෝතලාවල හිටපු අගමැතිවරයා නිවසෙහි රාත්‍රී කෑම නිසි වේලාවට නොලැබෙන්නේද ඔහුගේ අරක්කැමියන් අතින් බත් මුට්ටි කරවෙනුයේද 'මුවන්පැලැස්ස' නිසාය. එහෙයින් එය රාත්‍රී 12.00 ට පමණ විසුරුවා හරින ලෙස ඔහු ගුවන් විදුලියෙන් ඉල්ලීමක්ද කර ඇත. මෙවැනි යුගයක් එකල ගුවන්විදුලි නාට්‍ය කලාව සතුවිය. මුවන්පැලැස්ස එහි අග්‍ර ඵලයයි. එහෙයින් එහි සැබෑ ගෞරවය මුදලිනායක සෝමරත්නයන්ට හා එහි නිෂ්පාදිකා නන්දා ජයමාන්නහට හිමි විය යුතුය.

ඔවුනගේ මෙම සේවාව අගය කරමින් කැලණිය සරසවියෙහි විද්වත් සංසදය සංවිධානය කරන ලද මුදලිනායක සෝමරත්න ඇගයීමේ උළෙල සැබෑ වටිනාකමකින් යුක්තය. එම කර්තව්‍යය වෙනුවෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත හා ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී විසින් සංස්කරණය කරන ලද 'මුදලිනායක සෝමරත්න රසාභිනන්දන' කෘතියද එවැනිම වටිනාකමකින් යුක්තය. අතීතය අමතක කරමින් සීග්‍රගාමී ගමනක අනාගතය වෙත එළඹීමට සූදානම් වන මොහොතක ගුවන්විදුලි ඉතිහාසයේ අමරණීය වැඩ සටහන් දෙකක් වූ 'හඳමාමා' ද 'මුවන්පැලැස්ස' ද මෙසේ ඇගයීමට පාත්‍ර වීම අප සතුව තිබූ ශක්තිමත් එමෙන්ම නිර්මාණාත්මක ගුවන්විදුලි කලාව නැවත ශක්තිමත් ලෙස ගොඩනැගිය යුතු බව අපට ඉඟි කරයි.
 සුලෝචන වික්‍රමසිංහ 

0 comments:

Post a Comment