ප්‍රාග් ඓතිහාසික යුගයේදී එනම් මීට වසර මිලියන දෙසීය පනහකට පෙරදී මහා සාගරයේ අණසක පතුරවාගෙන සිටි අඟල් පහක් දිගැති පිහි තුඩු වන් තියුණු දත් සහිත දැවැන්තයෙකුගේ ෆොසිලයක් පසුගියදා සොයාගනු ලැබිණි.
දිගින් අඩි විසිඅටක් වූ දැවැන්තයෙකු වන මොහු මුහුදු ආහාර දාමවල ඉහළම මට්ටමේ පසු වූ විලෝපිකයකු වන අතර මොහුගේ ෆොසිලය අනාවරණය කරගනු ලැබ ඇත්තේ නෙවාඩා කාන්තාරයේ ගල් පර්වත අතරිනි. වසර මිලියන දෙසීිය හතළිස් හතරක් වැනි ඈත අතීතයකට උරුමකම් කියන නෙවාඩා කාන්තාරයේ ගල් පර්වත පිහිටි මෙකී ප්‍රදේශය එකල උණුසුම් සාගරයෙන් වැසී තිබූවකි. “කටුස්සන් ආහාරයට ගත් මහ සයුරේ අධිපතියා යන අර්ථය ඇතිව“Thalattoarchon Saurophagis” ලෙස හඳුන්වනු ලබන මොහු ‘ඉච්තියෝසෝරස්’ වංශිකයන්ගේ ආදි නෑයෙකි. ඩයිනෝසර් දැවැන්තයන් මිහිමත රජකළ අවධියේදී සාගරයේ බල පරාක්‍රමය සියතට ගෙන සිටි සුමුද්‍රීය උරග කාණ්ඩයක් වන මොවුහු වසර මිලියන එකසිය හැටක කාලයක් සාගරයේ සැරිසරා තිබේ. ට්‍රියාසික යුගයේ මධ්‍යභාගයේදී පමණ ගොඩබිම සිට යළි සාගරය වෙත පියනැගූ උරගයන්ගෙන් ඉතිච්යෝසෝරස් පරිණාමය වන ලද්දේ අද සිටින ඩොල්පින් හා තල්මසුන් වැනි මත්ස්‍යයන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් පරිණාමය වන ආකාරයට සමානවය. ක්‍රිමේෂස් යුගයේදී මිහිමත පහළ වූ ‘ප්ලෙසියෝසෝරස්’ විලෝපික උරග වංශය විසින් මොවුන්ගේ ස්ථානය හිමිකර ගැනීමට ප්‍රථම ජුරාසික් යුගයේදී සාගරයේ බහුලවම සැරිසරන ලද්දේ ‘ඉච්තියෝසෝරස්’ උරග කාණ්ඩයයි.
ට්‍රියාසික යුගයේදී සාගරවල විසූ සෙසු උරගයන් ගොදුරක් කර ගැනීමට තියුණු විශාල දත් සහිත හණුවලින්ද සුවිශාල හිස්කබලකින්ද යුතු ‘තැලතෝආර්කන්’ සත්වයා නූතනයේ සිටින ‘ඔර්කා තල්මසුන්’ හට බොහෝදුරට සමාන වනුයේ ඔවුන් මෙන්ම මෙම දැවැන්තයාද තමාගේම ශරීර ප්‍රමාණයට සමාන ජීවීන් ගොදුරු කර ගැනීමට දැක් වූ හැකියාව නිසයි. (metapredators) තැලතෝ ආර්කන්’ සත්වයා මිහිමත පරිණාමය වීමට වසර මිලියන අටකට හෝ එනම් පර්සියානු යුගයේ අවසාන භාගයේදී සිදු වූ දරුණු නෂ්ටවීමකින් සාගරයේ සිටි ජීවී විශේෂයන්ගෙන් 80 -96 අතර සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ විය. ඉන් නොබෝ කලකට පසුව සිදුවූ තැලතෝ ආර්කන් සතුන්ගේ කාර්යක්ෂම පරිණාමයෙන් පෙනී යන්නේ එබඳු දැවැන්ත විනාශයකින් පසුව වුවද යළිත් වරක් ජීවිතය පරිණාමය වීමටත්, පරිසර පද්ධති වඩාත් නවීකරණය වී බිහිකිරීමටත් අප පෘථිවිය සතු අද්විතීය හැකියාව බව සොයාගැනීම සිදු කරන ලද විද්‍යාඥ පිරිසේ මූලිකයා වන බර්ලින්හි ‘හුම් බෝල්ඩ්ට් කෞතුකාගාරයේ’ ආචාර්ය නාදියා ෆේරාබිෂ්ගේ අදහසයි.
නෙවඩාහි කඳු සහිත ප්‍රදේශයකින් සොයා ගනු ලැබූ ෆොසිලයේ හිස් කබලද ඇතුළුව සැලකිය යුතු කොටසක් ඉතා හොඳින් සංරක්ෂණය වී තිබුණද, වරල්වල කොටස් හා හොම්බේ පූර්ව භාගය හා කොඳු ඇට පෙළ කාලයාගේ පරිහානියට ලක්ව තිබුණේ ඉන් වැඩි කොටසක් විනාශයට පත් කරලමිනි.
ප්‍රියන්ති රුද්‍රිගු
0 comments:
Post a Comment