ස්නේහවන්ත කහ කුරුලු සබඳිනි, වනපෙත සුරැකීමේ
මහඟු කාර්යභාරයක යෙදෙන කසාගල වන සෙනසුනේ බුද්ධපුත්‍ර හිමිවරුන්ට සන්දේශයක්
රැගෙන යමින්, කොළොම්තොට සිට දකුණු දිසාවේ මහතොටට පැමිණෙන ඔබට ඔබ විසින්
පසුකරනු ලැබිය යුතු තොටවල් ගණන සිතින් ගණන් කළ හැකිද? මම ඔබට උදව් කරමි. ඔබ පිටත් වන්නේ කොළඹින් නම් ඒ කොළොන්තොටයි. කළුතර, කළුතොටයි. බෙන්තර, බෙන්තොටයි. ඊළඟට ඔබ පසු කළ යුත්තේ වැලිතොට, ගිංතොට සහ මාතොටයි. මාතොටින් එහාට ඇත්තේ ආන් - බලන් තොටු වූ අම්බලන්තොටයි. නමුත් ඔබ එහි යා යුතු නැත. ඔබ රාත්‍රිය ගතකළ යුතුව ඇත්තේ මාතර හෙවත් මාතොටෙහිය. මාතර මැද්දෙන් ගලා යන නිල්වන් නිල්වලා නදිය ඉවුර අද්දර මඳක් සැනහී සැතපී හි½ද, රාත්‍රිය ගතකිරීම උදෙසා මාතර පුරවරයේ තාරකා කොටුවේ බිම් මහලේ සුදුසු තැනක් තෝරාගත මැනවි. එහෙත් ඉන් පෙර ඔබ මෙම තාරකා කොටුව පිළිබඳව තොරතුරු දැනගත යුතු බවට මම අවධාරණය කරමි. කිමද මෙම දූත සංචාරයේදී මාතර නොහොත් මහතොට තාරකා කොටුවේ නිවැරැදි දත්ත අනාගත දූ පුතුන් උදෙසා ලේඛනගත කිරීමට ඔබගෙන්ද විය හැකි මහත් වූ මෙහෙවරක් වනු හෙයිනි. ඉදින් එසේ නම් මා ප්‍රිය සගයාණෙනි, අසනු මැනව. මාතර නගරය දක්‍ෂිණ ලංකාවේ පිහිටා ඇත්තේ නිල්වලා නම් ගඟ අසබඩය. මුහුදටද ආසන්නවය. කොළොම්තොට සිට මහතොටට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර්වලින් පවසන්නේ නම් එකසිය සැටක් පමණ වේ. මෙම ඓතිහාසික මාතොට නම් නුවර කොටස් හයකට බෙදෙන බවද ඔබ දතයුතුව ඇත. කඩවත් සතර, වැල්ලබඩ පත්තුව, කන්දබඩ පත්තුව, ගඟබඩ පත්තුව, වැලිගම් කෝරලය සහ මොරවක් කෝරලයයි. පැරැණි යුගයේදී මාතර හඳුන්වන ලද්දේ මහතොට නාමයෙන් බව සබඳිනි, ඔබට කිව යුතුව ඇත. ඒ ඇයි දැයි ඔබ අසන්නේ මුවින් නොව ඔබේ තීක්‍ෂණ දෑස මවෙත රඳවා ගනිමිනි. මිතුර මාතර නගරය මැදින් ගලා යන නදිය "නිල්වලා" නම් වූ බව මම ඔබට පැවැසුවෙමි. මෙම නදියෙන් එතෙර වීම පිණිස තිබූ මහත් වූ තොට නිසා මෙම නුවරට මාතොට නම ලැබිණැයිද සිතිය හැකිය. මාතොට ජනාකීර්ණ පුරවරයක් වූයේ දෙවිනුවර උපුල්වන් දේවාලය සහ පරසිඳු ඇත්ගාල හෙයිනැයිද කියැවේ. මෙහි අනේකවිධියේ වෙළෙ¼දාම් සඳහාද ප්‍රචලිතව තිබිණි. කුරුඳු නිෂ්පාදනයත්, ඇතුන් වෙළෙදාමත්, නාගරික මුස්ලිම් ජනතාව විසින් කරන ලද මැණික් කර්මාන්තයත් නිසා මාතර වඩාත් දීප්ත නගරයක් විය. කටුවන, අකුරැස්ස සහ හක්මන ආදී තැන්වල පිහිටි ලන්දේසි බලකොටු දකුණු පළාතට වඩාත් ජනාකීර්ණ බවක් මෙන්ම පරසිඳු බවක්ද ගෙන දුන්නේය. මිතුරාණෙනි, මම තවත් ටිකක් ඔබට කියමි. වත්මන සුන්දර බව සැබවි. ආශ්චර්යවත්ය. එහෙත් අතීතය වඩා මනරම් බවත් ඒ මනෝරම්‍ය අතීතය ඔබට අභිමානය සහ උදාරත්වය සාක්‍ෂාත් කරවනු ඇතැයිද අදහමි. මගේ දෙඋර මත වසා සිට මා ඔබට මෙලෙසින් පවසා අතීතාවර්ජනය ඔබ ඉතා මැනවින් පසක් කරගනු ඇතැයිද මම උදක්ම අදහමි. පෘතුගීසි, ලන්දේසි හා බි්‍රතාන්‍ය යන ජාතීන් විසින් සියවස් ගණනාවක්ම ඔවුන්ගේ යටත්විජිතයක් ලෙසින් ලංකාව පාලනය කරන ලදී. මුලින්ම ලංකාවේ ආධිපත්‍ය උදුරා ගත්තේ පෘතුගීසීන්ය. ඒ 1505 දීය. ඔවුන් සියතට ගත්තේ ලංකාවේ මුහුදුබඩ පළාත්ය. 1656දී ලන්දේසීන් විසින් පෘතුගීසීන් පරදවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත්තේය. 1976 දී ඉංග්‍රීසි ජාතිකයෝ බලය ඔවුන්තට පවරා ගති. ලන්දේසීන් ඔවුන්ගේ ජනාවාස ඉදිකර ගත්තේ ඊට පෙර පෘතුගීසීන් විසින් තනනා ලද බලකොටු ආශ්‍රිතවය. ලන්දෙසි යුගයේදී ඔවුන්ට අයත් වූ දෙවැනි ජනාවාස නගරය වූවේ මාතොට නොහොත් මේ මාතරය. ගාලුතොට හෙවත් ගාල්ලට සැතපුම් විසි පහක් උතුරු දෙසින් මාතොට පිහිටියේය. ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සහ ජනාවාස තනා ගත්තේ යම් තරමකට නාගරීකරණය වෙමින් පැවැති මුහුදුබඩ පළාත්වලය. ඒ අවධියේදී විවිධ අන්දමේ වාස්තු විද්‍යා නිර්මාණ බිහිවිය. ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සහ ජනාවාස තනා ගත්තේ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩය ඇති වාස්තු විද්‍යා නිර්මාණයන් ලෙසය. ඒ බලකොටු තිස් පහකි. වැඩි ප්‍රමාණයක් ඉදිවුණේ වෙරළාසන්නවය. මේවා වටා නාගරික මධ්‍යස්ථානද බිහිවිය. රජයේ ගොඩනැඟිලි සහ පදිංචිය සඳහා වූ නිවාසද ඔවුන් ඉදිකර ගත්තේ බලකොටු තුළමය. ආරක්‍ෂක බලකොටුද කිහිප වර්ගයක්ම ඔවුන්ට තිබිණි. කහ කුරුලු මැතිඳ ඔබ පුනරීන්, කටුවන සහ එලිෆන්ට්පාස් නම් නගර පිළිබඳ අසා තිබේද? ලන්දේසීන් විසින් මෙම නගරවල පිහිටුවා ගනු ලැබුවේ බලකොටුවේ ප්‍රතිමුඛ කෝණ දෙකේ අට්ටාල දෙකක් තැනූ ආරක්‍ෂක බලකොටුය. මඩකළපුව, මන්නාරම සහ කල්පිටිය නම් ස්ථානවල සෑදූ බලකොටුවල මුළු හතරෙහි අට්ටාල හතරක් තිබිණි. සයකොන් හැඩයෙන් ගොඩනඟන ලද අට්ටාල සහිත බලකොටු ආරක්‍ෂිත සේනා සඳහා පමණක්ම නොව දේශීය පාලකයන්ගෙත්, ඔවුන්ගේ පවුල්වල අය සඳහාත් නිර්මිත විය. මාතර තාරකා කොටුව එවැන්නකි. එය සයකොන් නිර්මාණයකි. මෙම තාරකා කොටුව නිර්මාණය කිරීම සඳහා පවරා තිබුණේ "ඔරුකෙම මුහන්දිරම්" නම් දේශීය මුදලිවරයාටය. මෙහි ඇති අපූර්වත්වය පිළිබඳව කිව හැක්කේ ලන්දේසීන්ගේ රාජ්‍ය තන්ත්‍රය තුළ දේශීයත්වය පිළිබිඹු කිරීම අපේ සිංහලයන්ට තිබෙන්නට ඇති අවශ්‍යතාවයි. යටත්විජිත සමයේදී නිර්මාණය කළ ගොඩනැඟිලි බොහොමයක තාක්‍ෂණය, අමුද්‍රව්‍ය සහ ශ්‍රමය ආදී ඉතා වටිනා සම්පත් දේශීය වශයෙන් ලැබී ඇත. මෙහිදී මාතර තාරකා කොටුවට ලැබී ඇත්තේ අද්විතීය තැනකි. ඔරුතොට මුහන්දිරම් විසින් තනන ලද මෙම බළකොටුව 1761දී ලන්දේසීන්ට අත්හැර දමන්නට සිදුවූයේය. සිංහල ජනතා විරෝධයක් පැමිණි හෙයිනි. එනමුදු ඔවුන්ගේ පසුබෑම වසරකට පමණි. 1762 වසරේදී "වෑන් එක්" නමැති ආණ්ඩුකාරවරයා යටතේ ලන්දේසීන්ට නැවැතත් මාතර කොටුව අල්ලා ගැනීමට හැකිවිය. මෙහිදී මාතර කොටුවට පිටතින් තවත් ආරක්‍ෂක බලකොටුවක් ඉදිකළේ ආරක්‍ෂාව තර කර ගැනීම සඳහාය. එසේ අලුතින් සෑදූ කොටුව තාරකා කොටුවයි. ක්‍රි.ව. 1763දී මෙම තාරකා කොටුව සෑදීම ආරම්භ කර ක්‍රි.ව. 1765 වන විට වැඩ අවසන් කර තිබේ. ඔරුතොට මුහන්දිරම් විසින් සාදන ලද මෙය තාරකා කොටුවයි. ප්‍රිය මිතුරාණෙනි, ඔබට ගැටලුවක් පැනනඟීදැයි මට සැකයකි. එනම් මාතර බලකොටුව එකකි. ක්‍රි.ව. 1761දී ලන්දේසීන්ට අත්හැර දමන්නට සිදුවූයේ මෙම බලකොටුවයි. ක්‍රි.ව. 1762 වසරේදී නැවැත ඔවුන් බලය ලබාගත් පසු මේ බලකොටුවේ දැඩි ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස ඔවුන් ක්‍රි.ව. 1763දී ගොඩනැඟූ සයකොන් බලකොටුව "තාරකා කොටුව" වෙයි. මෙහි සැලැස්ම තාරකාවක් ලෙසින් තිබෙන නිසා 'තාරකා කොටුව' ලෙසින් නම් ලබන්නට ඇත. එය බෙහෙවින් අපූරුම නිර්මාණයකි. සිංහයන් දෙදෙනකුගේ ලාංඡනය සහිත ප්‍රධාන ෙදාරටුවේ මෙසේ සඳහන් වී ඇති අයුරු නරඹන්න. එහි අරුත ඔබට කිව හැකිද? "එක්සත් පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම." සබඳ, ඉන්දියානු සමාගමක් වුවත් සිංහයන් දෙදෙනාගේ ලාංඡනයක් දැකීමෙන් ඔබට කිසියම් දේශීය අභිමානයක් ඇතිවිය හැකි බවට මගේ සිත කියයි. ඉඳින් මිතුර තවත් කියවාගෙන යන්න. ආණ්ඩුකාරයාගේ නම වන ඍචදඥජඬ ද සටහන්ව තිබේ. මෙම තාරකා කොටුවට ඔවුන් ලබාදුන් නම අඥඤඤධභබඥ ඍචදඥජඬ ලෙස සඳහන්ය. ඊට යටින් සඳහන් වන්නේ තාරකා කොටුව සෑදූ වර්ෂය වන 1763 වසරයි. ඹ්.ධ්.ඍ.ඡ්. ලෙස සඳහන්ව ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරුය. මෙහි ප්‍රවේශය අඩි 200ක් පමණ දීර්ඝ බව ඔබට වැටහෙන්නට ඇත. බලකොටුව වටා ඇති පිටත බෑවුම අඩි 25ක පළලකින් යුත්ත වේ. එය ශක්තිමත්ය. රේඛීය විදියට දකුණේ සිට ඇතුළු වීමේ ගේට්ටුව දෙසට ඇත. දෙපැත්තෙන්ම තිබෙන ගනකම් බෑවුමෙන් ආවරණය වී තිබේ. මෙය කෙළවර වන්නේ දිය අගලකිනි. බලකොටුව වටා තිබෙන මෙම දිය අගල වටකර තිබෙන බෑවුම ඇල හැඩයක් ගනී. එහි බිත්ති කපරාරු කරලාය. දිය අගලේ පතුල දක්වාම ඇති මෙම බිත්ති අඩි දහයක් ගැඹුරට විහිදෙයි. කොටු බැම්ම ඇතුළත තිබෙන වේදිකාව අඩි 14ක් ගනකමින් යුක්තය. උස අඩි 13කි. ඉන් ඉහළට ඇත්තේ අඩි 3ක උසින් යුක්ත ආරක්‍ෂිත පවුරයි. මා මෙහි ලියනවාට වඩා හොඳින් මා ලියන දේ ඔබ සියැසින් දැකගත් පසු වඩාත් හොඳට වැටහෙනවා ඇත. තාරකා කොටුවේ ලැගුම්ගත යුතු බව මා ඔබට කීවේ එහෙයිනි. ඉඳින් සබඳ, තරුවක් ලෙසින් නිම කර ඇති මෙම බලකොටුවේ එක් මුහුණතක් අඩි 48ක දිගකි. ඇතුළු වන ගේට්ටුව දෙපස ඇති මුහුණත් දෙක අඩි 40ක් වෙයි. මේ ගේට්ටුව අඩි 6 1/2ක පළලකි. ඇතුළට යන විට එය වඩාත් පුළුල් වේ. දිය අගල හරහා කොටස් දෙකකින් යුක්ත දැව පාලමක්ය. කහකුරුලු මිතුරාණෙනි, ඔබ රිසි නම් මේ පාලමේ ඇන්දක් මත පියාසලා විත් මොහොතකට විඩා නිවා ගත හැකි වනු ඇත. දැව පාලමේ මුල් කොටස ස්ථාවර වන අතර දෙවැනි කොටස හැකිළිය හැකිවන සේ නිමවා තිබේ. එය ක්‍රියාත්මක වන්නේ ලීවර ක්‍රමයටය. ක්‍රියාත්මක කළ හැක්කේ ගේට්ටුවෙන් ඇතුළු පැත්තේ සිටය. හැකිලූ පසු එයද ආරක්‍ෂිත ෙදාරක් සේ ක්‍රියාත්මක වෙයි. එවිට දිය අගල හරහා ගමන් කිරීමට කිසිදු ක්‍රමයක් නැත. මාගේ මිතුර මෙය සතුරු උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා ලන්දේසීන් විසින් යොදනු ලැබූ කූට ක්‍රමෝපායකි. එනමුදු ඔබට මෙය ගැටලුවක් නොවේ. ඇළට ඉහළින් ආකාසයේ සරන්නට ඔබට තහනමක් නැති හෙයිනි. පාලම හැකිලූ පසු ෙදාරවල් තුනකින් ගේට්ටුව වැසී යන ආකාරය ඔබ නිරීක්‍ෂණය කරන්න. ගේට්ටුවෙන් ඇතුළු වන තැනම ආරුක්කු හැඩයේ ප්‍රධාන ෙදාරක් ඇතුළට ආ කල තවත් ආරුක්කු ෙදාරටු දෙකක් හමුවේ. ඒවායේ එකල වෙඩි බෙහෙත් ගබඩා කොට තිබිණි. ප්‍රාකාර බැම්මේ සය කොනේ සිට බලද්දී හැම දිසාවක්ම නැරැඹිය හැකිය. ඒවායේ තුවක්කු 12ක් ස්ථානගත කළ හැකි විදියට කවුළු සහ වේදිකා සකස් කර තිබේ. මේ වේදිකාවක් හැම පැත්තකටම අඩි 30ක් පළලය. වේදිකාවට විරුද්ධ පසින් සොල්දාදු කාමර, ගබඩා කාමර, ලන්දේසීන්ගේ කාර්යාල ආදිය සකසා ඇත්තේ වළල්ලක් මෙනි. මධ්‍යයේ ඇත්තේ බොලොක්ක ළිඳකි. විෂ්කම්භය අඩි 9කි. මේ සුවිශේෂී බොලොක්ක ළිඳේ දිය දුටු සැණින් ස්නානය සඳහා නොයෑමට මම ඔබට තරයේ අවවාද කරමි. වැසි වස්නා කල ඉහළ වේදිකාවලට එකතු වන වැසි ජලය තුන් පැත්තෙන්ම ගංගාවක් සේ දිය අගලට බැස යයි. එනිසා දිය අගල නිතරම ජලයෙන් පිරී තිබේ. තාරකා කොටුව තුළ ඔබ සැරිසරන්නේ නම් ග්‍රහණය කරගත යුතු බොහෝ දෑ එහි ඇත. ප්‍රාග් ඓතිහාසික මී මුත්තකු වූ මැණික්හාමිගේ ඇටසැකිල්ල මෙම තාරකා කොටුවේ ඇති කෞතුකාගාරය තුළදී ඔබට දැකගත හැකි වනු ඇත. එය හමුවී ඇත්තේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම මිණිඇතිලිය වෙල්යායෙන් බව කියැවේ. මැණික්හාමි භූමිදානය කර තිබෙන්නේ ළදරු කලලයක් පිහිටන අයුරින් වකුටුකරය. මොහුගේ සිරුර විවිධ ආහාර අපද්‍රව්‍යවලින් ශිලා මෙවලම් සහ බෙලි කටුවලින්ද සම්පූර්ණයෙන්ම වසාදමා නොගැඹුරු වළක වළදමා ඇත. අදින් වසර 4000කට පෙර අනාදිමත් කාලයක සිටි මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳ සාක්‍ෂාත් කර ගැනීමට මැණික්හාමිගේ ඇටසැකිල්ල බෙහෙවින් උපකාරි වේ. මෙම ඇටසැකිල්ල කැණීම් කොට ගොඩට ගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයයි. නව තොරතුරු වශයෙන් ඔබ ඒවා දැන සිටීම වැදගත් යැයි මම අදහමි. ඉදින් කහකුරුලු සබඳ, අද දින මෙම තාරකා කොටුවේ ලැගුම් ගෙන සිට හෙට හිමිදිරියේ ඔබ විසින් ඉටුකරනු ලැබීමට නියමිත සද්කාර්යය සඳහා කසාගල වන සෙනසුන කරා නික්ම යෑමට මම ඔබට අවසර දෙන්නමි. ඒ සීතල උදෑසන තාරකා කොටුව වටා දිවෙන දිය අගලේ ගිලී දිය නා සැනහෙන්නට ඔබට සිතක් ඇති වේ නම් වහා එය දුරුකර ගත මැනව. කිමද මෙම ගැඹුරු දිය අගලේ වෙසෙන රෞද්‍ර වූ කිඹුල් පරපුරට ඔබ සැණින් ගොදුරක් වනු දැක්ම මට නොරිසි හෙයිනි. එය මගේ සිත ශෝකයෙන් මුසපත් කරන්නට ඉඩ ඇත. ඉඳින්, සුමිතුරාණෙනි ඔබට සුබ ගමන්. සොබමන් තාරකා කොටුවෙන් මෙම නගරේ සුපසන් සිතින් නික්මෙනු මැන මගෙ මිතුරේ... (විශේෂ ස්තූතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට) සදා ලාලිත් රණසිංහ |
0 comments:
Post a Comment