Oct 18, 2014

දෙවන ලෝක යුද්ධයට එක්වූ නිලධාරියෙකුගේ අප්‍රකට කතාව

(සීතා අබේසේකර) හාන්ස් ඇලෙක්සැන්ඩර් ලන්ඩනයේ ගෙවූ ඔහුගේ ජීවිත කාලය පුරා තෝමස් ඇතුළු සියල්ලෝම ඔහුව හඳුනාගෙන සිටියේ විනෝදකාමියෙකු ලෙසටය. ඔහු මහලු වියට එළැඹෙන තෙක්ම තම අතීතය ගැන කතා කළානම් ඒ ඉතා කලාතුරකිනි. 2006 වසරේ හාන්ස් මියගියේය. මිය යනවිට ඔහු 89 වන වියේ පසුවිය. ඔහුගේ අවමංගල උත්සවයේදී යුද වීරයෙකු ලෙස ඔහු පිළිබඳ කරනු ලැබූ ගුණ කථනයේදී ඔහු සැඟව සිටි නට්සි හමුදා නායකයින් කොටුකරගෙන නීතිය ඉදිරියට පැමිණ වූ දක්ෂ හමුදා...

Dec 9, 2013

තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද?

තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද? අතීත උරුමයන් සියල්ල තවමත් අපට අහිමිවෙලා නෑ. සමහර දේවල්වල යම් යම් අවස්ථා දනවන සාක්ෂි යම් පමණකින් ඉතිරිවී තිබෙනවා. තොටගමුවේ රාහුල හිමියන් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. රොෂාන් චානක තිසේරා රාහුල හිමි මතකය අවදි කරමින් කියනවා. රාහුල හිමියන්ගේ භාවිතයෙන් ඉතිරි වූ දේවල් තවමත් අප සතුයි. අපි අද රාහුල හිමියන් දකින්නෙ, බලන්නෙ, කතා කරන්නේ, අහන්නෙ ඒ ඉතිරි වූ කොටස් මතින්. මෙතැනදී එක දෙයක් කිව...

Nov 27, 2013

රජ මැදුරුවල හොල්මන් කරන එංගලන්ත රජ පරපුර

  බකිංහැම් මාලිගය     ලොවම අඳුරේ ගිල්වමින් රාත‍්‍රිය එළැඹෙන්නේ ගුප්ත බියකරු නිහැඬියාවකට ලෝකය ඇද දමමිනි. මේ අන්ධකාරය තුළ රජ කරන්නේ දින ගෙවී වසර ගණනාවකට කලින් මෙලොව හැර ගිය විවිධ පුද්ගලයන්ගේ අවතාරය. මේ අවතාරවලට සැරිසරන්නට හොල්මන් කරන්නට කිසිම තහනමක් නැති සේය. මහා බලගතු බල පරාක‍්‍රමයෙන් පිරුණු රජ මැදුරක් වුවත් අවතාරයකට ප‍්‍රශ්නයක් නැත. ලන්ඩනයේ සුප‍්‍රසිද්ධ බකිංහැම් මන්දිරය ...

Nov 25, 2013

ගම ගෙදරට ගෙනා වාසනාව අද්භූත කළුනික සෝලු කෝටුව

පුරාණයේ කොත්මලේ විසූ ජනතාව ජීවත් වූයේ කෘෂිකර්මාන්තයේ නියැළෙමින් ඉන් ලැබුණු ආදායමෙනි. එසේම දේපළ ඉඩකඩම්, කුඹුරු බහුලව තිබූ අයද එහි සිට ඇත. ඇතැම් අය පොහොසත්කමින් යුතු අයගේ කුඹුරු ආදිය අඳ ක්‍රමයට වැඩ කළහ. අෑත අතීතයේ ඉතා දුප්පත් ගම පවුලක් කොත්මලේ ප්‍රදේශයේ විසීහ. ආර්ථික මට්ටමෙන් ඉතා අසරණ තත්ත්වයේ සිටී මෙම ගම පවුල එදිනෙදා වේල සරිකර ගත්තේ කුලී වැඩ කරමිනි. එකල කොත්මලේ ප්‍රදේශයේ ගවයන් ඇති කිරීම සිරිතක්ව පැවැතිණි. සෑම නිවෙසකම හරක් බානක්වත් සිට ඇත. අද මෙන් හරක් ගැට ගසා තණ කවන සිරිතක් එකල නොවීය. උදෑසන මොනරාගල කඳු පියසටත් පහළ ඇති ලන්දටත් හරකුන්...

සෞදියේ සුන්දර අබා නගරය

ඉමක් නොපෙනෙන  කාන්තාර වලින් හෙබි සෞදි අරාබියේ  ශ්‍රී ලංකාවේ නුවරඑළියට  බොහෝ සමාන සුන්දර කදුවැටි බඩවැටි  මිහිදුන් වලාකුලෙන් හෙබි ප්‍රදේශයක් ඇතැයි  කිවහොත් ඔබ විශ්වාස කරනු ඇතැයි මා නොසිතමි.  සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර  කළාපයෙන් ඔබ්බට  ගමන් කරන ඕනෑම  කෙනෙකුට දැකගත හැකි වන්නේ  ඉමක් කොනක් නොපනෙන වැලි කුණාටුවලින්  ගහණ වාළුකා කාන්තාරත් එකාපිට එකා ගමන් කරන ඔටු  පෙරහරවල් මිස ගහක් කොළක්...

Nov 17, 2013

හරිත වර්ණයෙන් බැබළෙන ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවය

හරිත වර්ණයෙන් බැබළෙන පරිසරයක සොබා සිසිල විඳගැනීමත්, සුවඳැති රෝස කුසුමක සුවඳ ආශ්වාදනය කිරීමටත්, නාගරීකරණයෙන් මිදුණු ගම්බද පියසක් හෝ උද්භිද උද්‍යානයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොවේ. එවැනි අත්දැකීමක් විඳගැනීමට අවශ්‍ය නම් ඉදිරියේදී බස් රථ නැවතුමක රැඳී සිටීමෙන් එය සපුරා ගැනීමට හැකි වනු ඇත. ඒ ගෙවතු අලංකරණ ශිල්පී ‘මාක් ගේ‍රනන්’ විසින් ‘ෆයිටෝකයිනෙටික්’ (Phytokinetic) ලෙස හඳුන්වා දී ඇති නවතම උද්‍යාන සැලසුම්කරණ ක්‍රමවේදයකට...

Sep 27, 2013

ඕස්ට්‍රේලියාවට නව නායකත්වයක්

කැන්ගරු දේශය ලෙස විරුදාවලිය ලත් ඕස්ට්‍රේලියාව අපට ආගන්තුක නොවේ. ඒ නිසාම එරට තුළ සිදුවන දේශපාලනික හා සමාජීය පෙරළි පිළිබඳව අපි නිරන්තර අවධානයකින් පසුවන්නෙමු. මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ සිදුවූ හැලහැප්පීම්   බොහෝයි. ජුලියා ගිලාඩ්  අගමැතිකමෙන් ඉවත් වීමත් කෙවින් රඩ් යළි අගමැති ධුරයට ඒමත්  එහිදී කැපීපෙනිණි. එහෙත් වැඩි කලක් අගමැති පුටුවේ සිටීමට ඔහුට වරම් නොවිණි. හතළිස් හතර වන වතාවට...

වත්මන් ටෙලි නාට්‍ය මගින් සංසිඳෙන්නේ කතුන්ගේ ඕපාදූප අවශ්‍යතාවයද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි   ටෙලි නාට්‍ය නැරඹීමේදී පුරුෂ පක්ෂය අභිභවමින් කාන්තාව පෙරමුණ ගෙන තිබිම ගම්බද නගරබද වෙනසක් නැතිව දැකගත හැකි දෙයකි. කාන්තාව එලෙස ටෙලි නාට්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වද්දී පුරුෂ පාර්ශ්වය ක්‍රියාදාම, රහස් පරීක්ෂක කතා හා ක්‍රිකට් තරග වැනි දෑ නැරඹීමට වැඩි කැමැත්තක් දක්වති. මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වය අතර මත...