Oct 18, 2014

දෙවන ලෝක යුද්ධයට එක්වූ නිලධාරියෙකුගේ අප්‍රකට කතාව

(සීතා අබේසේකර)
හාන්ස් ඇලෙක්සැන්ඩර් ලන්ඩනයේ ගෙවූ ඔහුගේ ජීවිත කාලය පුරා තෝමස් ඇතුළු සියල්ලෝම ඔහුව හඳුනාගෙන සිටියේ විනෝදකාමියෙකු ලෙසටය. ඔහු මහලු වියට එළැඹෙන තෙක්ම තම අතීතය ගැන කතා කළානම් ඒ ඉතා කලාතුරකිනි. 2006 වසරේ හාන්ස් මියගියේය. මිය යනවිට ඔහු 89 වන වියේ පසුවිය. ඔහුගේ අවමංගල උත්සවයේදී යුද වීරයෙකු ලෙස ඔහු පිළිබඳ කරනු ලැබූ ගුණ කථනයේදී ඔහු සැඟව සිටි නට්සි හමුදා නායකයින් කොටුකරගෙන නීතිය ඉදිරියට පැමිණ වූ දක්ෂ හමුදා නිලධාරීන් කිහිපදෙනාගෙන් කෙනෙකු යැයි සඳහන් වූ කල්හි ඔහුගේ ඥාතීන්ගෙන් වැඩිදෙනකු පුදුමයෙනුත් පුදුමයට පත්විය.

තෝමස් හාඩින්ටද එය අදහාගත නොහැති පුවතක් විය. ඔවුහු පළමුව සිතුවේ එයද හාන්ස් විසින් අන් අයගේ විනෝදය උදෙසා ගොතන ලද රසවත් කතාවක් බවය.එහෙත් එය ප්‍රබන්ධයක් නොවන බව සැකහැර දැනගත් කල්හි ‍ලේඛකයකු වූ තෝමස් තම මුත්තනුවකු වූ හාන්ස් ඇලෙක්සැන්ඩර් නම් රණවිරුවාගේ සැබෑ අතීත කතාව කෙසේ හෝ එළිදරව් කරගැනීමටඅධිෂ්ඨාන කරගත්තේය. ඔහු මුලින්ම ලන්ඩනයේ ඉම්පීරියල් යුද කෞතුකාගාරයේ පර්යේෂකයින් හමුව, නට්සි හමුදා නායකයන් නීතියට කොටුකර ගැනීමට ඔවුන් සොයා ඇරඹූ   මෙහෙයුමට දායක වනු වස් ආපසු තම උපන් රටට ගිය ජර්මානු යුදෙව්වා ගැන ඇසුවේය. ඔවුහු කළේ සිනහ වීම පමණකි.


එයින් පසුබට නොවූ තෝමස් ලන්ඩන් නුවර ආසන්නයේ පිහිටි බෙඩ්ෆෝඩ්ෂයර්හි කුඩා හමුදා බුද්ධි අංශ කෞතුකාගාරයක් වෙත ගොස් තොරතුරු විපරම් කළේය. එහිදී එක් ‍‍‍ජ්‍යෙෂ්ඨ මේජර්වරයකු ඔහු වෙත ලබාදුන් ලිපි ගොනුවක අවුෂ්ට්විම්ස් නම් නට්සි සිරකඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරී රුඩොල්ෆ් හොස් අල්ලා ගැනීම පිළිබඳ සවිස්තර වාර්තාවක් විය. එහි දෙවන පිටුවෙහි තම මුත්තනුවන්ගේ නම සටහන්ව තිබෙනු දුටු තෝමස් තමාට අසන්නට ලැබුණු මුත්තණුවන්ගේ වීර ක්‍රියාව සත්‍යයක් බව සැකහැර දැනගත්තේය.‍පොතක් ලෙස පළ කිරීමේ අරමුණින් ඊළඟ අවු. හයක කාලයක් තුළ තෝමස් හාන්ස් ඇලෙක්සැන්ඩර්ගේ ජීවන තොරතුරු එක්රැස් කළේය. පසුගියදා එක්සත් ජනපදයේදී “හාන්ස් සහ රුඩොල්ෆ්” ලෙස එළිදක්වෙන ලද්දේ එම කෘතියයි.


පළමුවන ලෝක යුද සමයේ ජර්මනියේදී යුදෙව් මාපිය යුවළකට දාව මෙලොව එළිය දුටු ඇලෙක්සැන්ඩර්ගේ ළමා විය ගෙවුණේ බර්ලින්වල අලංකාර, සැප පහසු නිවසකය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. නිතර ප්‍රිය සම්භාෂණ පැවැත්වුණු එම නිවසේ සාදවලට සුප්‍රසිද්ධ නළු නිළියන්, කලාකරුවන් හා විද්‍යාඥයින් සහභාගි විය. ඔවුන් අතර, ලෝ සුපතල භෞතික විද්‍යා මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් ද වී යැයි සඳහන් වේ.
එහෙත් ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත්වීමත් සමගම ඇලෙක්සැන්ඩර්ගේ නිවසේ පැවැත්වූ මියුරු සංගීත, ප්‍රිය සම්භාෂණ සියල්ල නිමාවිය. 1930 දී ඇලෙක්සැන්ඩර්ගේ යුදෙව් පවුල සියලු යස ඉසුරු හැර දමා බ්‍රිතාන්‍යයට පලා ගියේය. එහෙත් ඇලෙක්සැන්ඩර් ජර්මනියේ නතර විය. 1936 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි හමුදාව සිදුකිරීමට යන දරුණු ක්‍රියාවලිය පිළිබඳ ආරංචි ලද සැනෙන් ඇලෙක්සැන්ඩර්ද බර්ලින් නගරය හැරදමා තම පවු‍ලේ උදවිය ඒ වන විට පදිංචිව සිටි ලන්ඩන් වෙත පලා ගියේය.
1939 දී බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරන විට ඇලෙක්සැන්ඩර් අවු.22ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳීමට ඔහු ගත් උත්සාහය ජර්මනියේ උපත ලැබිම හේතුකොටගෙන ව්‍යර්ථ වී ගියේය.


එහෙත් යුද්ධය ක්‍රමයෙන් දිග්ගැස්සෙමින් යද්දී හමුදාවට බඳවා ගැනීමේදී පනවා තිබූ නීතිරීති ලිහිල් වී ගියෙන් ඇලෙක්සැන්ඩර්ටද හමුදාවට බැඳීමට වරම් ලැබුණි. එහෙත් ආයුධ පරිහරණය සඳහා අවසර ලැබුණේ ඊටත් වසර කීපයකට පසු ඔහු හමුදා නිලධාරියකු ලෙස උසස්වීමක්ද ලද පසුවය.
1945 දී දෙවන ලෝක යුද්ධය නිමාවන විට ඇලෙක්සැන්ඩර් සිටියේ වයඹ දිග ජර්මනියේ පිහිටි බර්ජන් වෙල්සන් සිරකඳවුරේ නට්සි හමුදා භටයින්ගෙන් තොරතුරු ලබාගනිමිනි. මේ අනුව චූදිත නට්සිවරුන්ගෙන් කෙළින්ම ප්‍රශ්න කිරීම්කොට තොරතුරු ලබාගත් මුල්ම කිහිපදෙනා අතරට ඇලෙක්සැන්ඩර්ද එක්වෙයි.ඇලෙක්සැන්ඩර් ඇතුළු කණ්ඩායම නට්සි භටයින්ගෙන් තොරතුරු ලබාගනිද්දී නිතරම ඔහුගේ සිහියට ආවේ නීතිය මගහැර සිටින ප්‍රධාන පෙළේ නට්සි හමුදා නායකයින් ගැනයි.


යුද්ධය නිමාවී මාස ගණනකට පසුව ඔහු සැඟව සිටින නට්සි යුද අපරාධකරුවන් සොයා මෙහෙයුමක් දියත් කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවෙන් අවසර පැතුවද එබඳු වැඩපිළිවෙළක් ඒ වන විට ආරම්භකොට නොතිබූ බැවින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. එහෙත් තම නැගණියට ලියූ ලිපියක සඳහන්ව තිබූ අන්දමට ඔහු රාජකාරි වේලාවෙන් බැහැරව සිටින විවේක කාලය නාසි නායකයින් සෙවීම සඳහා යොදවා තිබුණි.
කල්යාමේදී බ්‍රිතාන්‍ය රජය නට්සි අපරාධකරුවන් කොටුකර ගැනීමට කණ්ඩායමක් යෙදවීමට තීරණය කළවිට ඇලෙක්සැන්ඩර්ද ඊට එක්විය. ඒ අයුරින් ඔහු ප්‍රථම යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකත්වය ලැබුවේය.


මෙම මෙහෙයුමේදී ඇලෙක්සැන්ඩර්ගේ විශාලතම ජයග්‍රහණය සටහන් වන්නේ නට්සි නායකයකු වූ රුඩොල්ෆ් හොස්ගේ බිරිඳව තම සැමියා සැඟව සිටින ස්ථානය හෙළිදරව් කරගැනීමට උපක්‍රමශීලීව ‍පොළඹවා ගනු ලැබිමය.රුඩොල්ෆ් හොස් යනු නට්සි හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාර නොහොත් රැඳවුම් කඳවුරුවලින් විශාලතම හාබිහිසුනුමරැඳවුම් කඳවුර වූඅවුෂ්ට්විට්ස් හි අණදෙන නිලධාරියායි.


1940 අප්‍රේල් 27 වනදා  හිට්ලර්ගේ නියෝගයෙන් ‍පෝලන්තයේ කොන්වේසිව් අසල ඉදිවුණු මෙම කඳවුර යුද්ධය නිමාවන කාලය වන විට විශාල ප්‍රධාන කඳවුරු තුනකින් හා ඊට අනුයුක්ත වූ කුඩා කඳවුරු 45කින්ද යුක්තව තිබිණි. එහි කොතරම් දරුණු වධහිංසා පැමිණවීම් හා මනුෂ්‍ය ඝාතන සිදුවූවාදැයි කිවහොත් “අවුෂ්ට්විට්ස්”යන වචනය යුරෝපීය යුදෙව් සංහාරයේ හා මරණයේ සංකේතය බඳුවිය.


බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් සැඟව සිටි නට්සි අණදෙන නිලධාරී රුඩොල්ෆ් හොස්ව අල්ලාගන්නා විට ඔහු සිටියේ ඩෙන්මාර්ක් දේශසීමාව අසල පිහිටි ගොට්රූපල් නම් ප්‍රදේශයේ වූ පිදුරු මඩුවක නිදාගෙනය.
1946 මැයි 25 ඔහුව ‍පෝලන්ත බලධාරීන්ට බාරදෙනු ලදුව එහිදී නඩු විභාගයෙන් පසු 1947 අප්‍රේල් 02 වනදා එල්ලා මැරීමට නියම කෙරිණි. නඩු තීන්දුවට පෙර නඩු විභාගය පැවතෙද්දී මිනිසුන් දසලක්ෂ තුනහමාරක් මරා දැමීමට ඔහු වරදකරු යැයි පැමිණිල්ලෙන් පැවැසූ කල්හි හොස් කිසිදු පැකිලීමකින් තොරව මෙසේ පවසා තිබුණි. “නැහැ. මා මරා දැමුවේ දසලක්ෂ දෙකහමාරයි. ඉතිරි අය මළේ කුසගින්නෙන් හා ලෙඩරෝගවලට ගොදුරු වීමෙන්.”

Dec 9, 2013

තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද?

තොටගමුවේ රාහුල හිමියන්ගේ පුනරුත්පත්තිය හික්කඩුවේ සුමංගල හිමියන්ද?
අතීත උරුමයන් සියල්ල තවමත් අපට අහිමිවෙලා නෑ. සමහර දේවල්වල යම් යම් අවස්ථා දනවන සාක්ෂි යම් පමණකින් ඉතිරිවී තිබෙනවා. තොටගමුවේ රාහුල හිමියන් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි.
රොෂාන් චානක තිසේරා රාහුල හිමි මතකය අවදි කරමින් කියනවා.
රාහුල හිමියන්ගේ භාවිතයෙන් ඉතිරි වූ දේවල් තවමත් අප සතුයි. අපි අද රාහුල හිමියන් දකින්නෙ, බලන්නෙ, කතා කරන්නේ, අහන්නෙ ඒ ඉතිරි වූ කොටස් මතින්. මෙතැනදී එක දෙයක් කිව යුතුයි. ඒ, ඒ කොටස්වලින් රාහුල හිමි ගැන සම්පූර්ණ විස්තරයක් මැවෙන්නෙ නෑ. නමුත් ඒ මැවෙන විස්තරය මතින් අපට හිස්තැන් සහිතව කතාවක් ගොඩනඟා ගත හැකියි. අපේ මේ වෑයම ඒ සඳහායි.


රාහුල හිමි භාවිතයේ වූ දේවල්වලින් උන්වහන්සේගේ ජන්ම පත්‍රය, එහෙමත් නැත්නම් කේන්ද්‍ර සටහන තවමත් ඉතිරිවී තිබීම වාසනාවක්. මේ කේන්ද්‍ර සටහන පිළිබඳ විමර්ශනයකින් නොදත් දේ විමසා දැනගත හැකියි. මන්ද යත් කේන්ද්‍ර සටහන යනු පුද්ගලයකු පිළිබඳ වන නිවැරැදි කියැවීමක්, හඳුනාගැනීම් පත්‍රයක් වන නිසා. රාහුල හිමිගේ කේන්ද්‍ර සටහනේ මේ විදියට සටහන් වෙනවා.
ශක වර්ෂ 1330 (ක්‍රි.ව. 1408) රවි මේෂ රාශියේ සිටි බක් මාසයේ පුර පසළොස්වක දසවක දින උදයේ මේෂ ලග්නයෙන් මිථුන නවාංශකයෙන් මිථුන රාශියේ සඳුද නවවැන්නේ ගුරුද අඟහරුද මකරයේද සෙනසුරු හා සිකුරු කුම්භ රාශියේද කේතු හා බුධ ‍ෙදාළොස්වැනි රාශියේද, සිටියදී වීර වූ රාජ ගුරුහු උපන්නාහ."
මෙතැනදී අපට රාහුල හිමි ගැන තවත් අපූරු කතාවක් ඇහෙනවා. ඒ රාහුල හිමියන් නැවත උත්පත්තිය ලබා ඇති බව. ඒක කියැවෙන්නේ මේ විදියට.
මේ කතාවේ කතා නායකයා දඹදිව සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණ ප¾ඩිවරයා. එතුමා වරක් විදේ‍යාදය පිරිවෙනට ශිෂ්‍යයකු විදියට ඇතුළත් වුණා. ඒ ආවේ කල්කටා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වලාභියකු විදියට. හැබැයි ඒ වෙනකොටත් එතුමා ආචාර්ය උපාධිය ලබලා ඒ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදියට උගන්වමින් සිටියා.
මේ මහා ප¾ඩිවරයා ඉගෙනීම අවසන් කරලා සමුගන්නා උත්සවයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගැන ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයට ඒ කාලේ ඉන්දියාවේ පුවත්පත් ලොකු ප්‍රචාරයක් ලබලා දුන්නා. මේ ඔහුගේ කතාව.

"ගුරු දේවයාණෙනි, ඉගෙනීම පිණිස මා මෙරටට පැමිණෙන බව අසා මගේ ඥාති මිත්‍රාදීහු එය විහිළුවක් සේ සිතූහ. ඒ දුෂ්ට රාවණාගේ රටේ වෙළෙ¼දාමක් කරනවා මිස ඉගෙනගන්න දෙයක් හෝ උගන්වන්න කෙනකු හෝ නැතැයි කීහ.


ගුරු දේවයාණෙනි, එහෙත් ඔබගෙන් තබා ඔබගේ ශිෂ්‍ය මගේ සහෝදර ඥානේස්වර යතිවරයාණන්ගෙන් අපේම භාෂාව වූ සංස්කෘත පවා ඉගෙනීමට මට සිදුවිය.
ගුරු දේවයාණෙනි, මින් වසර පන්සීයකට පෙර ලක්දිව විසූ ශ්‍රී රාහුල තෙර ඔබ වහන්සේමය. එදා ඔබ අතවැසි රාමචන්ද්‍ර කවි භාරතී වූයේ මමය."
මේ ප්‍රකාශයෙන් කියන්නේ රාහුල හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ලෙස නැවත ඉපදුණු බවයි.
මම මේ කතාවෙන් කියන්න අදහස් කළේ මේකයි. පර්යේෂණ කරනවා නම් විමර්ශන කරනවානම් මේ තරම් වටිනා අවස්ථාවක් තවත් නෑ අපට. අප ළඟ තියෙන රාහුල හිමිගේත්, සුමංගල හිමිගේත් තොරතුරු ඒකරාශී කරලා වෙන් වෙන්ව ඒ චරිත කියැවීම, හැදෑරීම තුළ අපට මේ ගැන බොහෝ සම තැන්, අසම තැන් ගැන නිවැරැදි හැඟීමක් ලබාගත හැකිවේවි. ඒක අපට හොඳ අනාගත ආයෝජනයක් වේවි ඉතිහාසය ලබාදෙන.


රාහුල හිමි හඳුන්වපු නම් රැසක් තියෙනවා. ෂඩ්භාෂා පරමේශ්වර, විජයබා පිරිවෙන්පති, විජයබා තෙරිඳුතුමා, විජයබා පිරුවන් හිමි, විජයබා පිරුවන්තෙර, ශ්‍රී විජයබාහු පිරුවන් තෙර, රාහුලභද්ද, වාචීස්සර, මහා විජයබාහු නිවාස වාසී, විජයබාහු සංඝරාජ, විජයබාහු පරිවෙණාධි, රාහුල යතින්දා, රාහුල මුනින්දා, ශ්‍රී රාහුල සඟිමි, ශ්‍රී මත් රාහුල පාද, තොටගමුවේ හාමුදුරුවෝ, තොටගමුවේ සිරි රහල්, ත්‍රිපිටක වාගීශ්වර, සිරිසඟබෝ, ශ්‍රී විජයබාහු, පිරිවන් තෙරපාමින් වහන්සේ, රාහුල සංඝරාජ, රහල්, ගතාර.


ඒ කාලෙ රාහුල හිමියන් ගැන තිබුණෙ ලොකු ප්‍රසිද්ධියක්. ඒ ප්‍රසිද්ධිය කියා පෑවේ දහඅට විද්‍යාවන් ඉගැන්වීමට ලොව එකම සමතා වූයේ රාහුල හිමි බව.


අද විශ්වවිද්‍යාලයක් වගේ තමයි එදා විජයබා පිරිවෙන. රාහුල හිමියන් මේ පිරිවෙනේ අධිපතිකම දරනකොට උන්වහන්සේට සංඝරාජ පදවියත් ලැබිලා තිබුණා. ඒ කාලෙ තමයි ලෝකයේ ගොඩාක් රටවලින් විදේශ ශිෂ්‍යයො ඇවිල්ලා විජයබා පිරිවෙනේ ඉගෙන ගත්තේ. උන් වහන්සේගේ පිරිවෙනේ උගන්වපු
විෂයයන් වුණේ මේවා.
ව්‍යාකරණ, වෛද්‍ය ශාස්ත්‍රය, ගණිත මිණිත, සංස්කෘත, දෙමළ ෂඩ්භාෂා, අට වියරණ, අටළොස් පුරාණය, අෂ්ට දශවිද්‍යා, කලා ශිල්ප, ආගම, දර්ශනය, ඡන්දස්, අලංකාර පාඨමාලා. ඒ වගේම තමයි දෙමළ භාෂාව උගන්වපු එකම සිප්හල වුණෙත් විජයබා පිරිවෙන.
රාහුල හාමුදුරුවො භූත විද්‍යාව ඉතා හොඳින් දැනගෙන හිටියා. මේ ගැන ජන කතාවක් හොඳින් අපට කියලා දෙනවා. ඒ හැම කතාවක්ම උන් වහන්සේ භූතයන්ගෙන් වැඩ ගත්තු බව කියන කතා.
ඒ වගේම රාහුල හාමුදුරුවො යක්කුගෙන් වැඩ ගත්තා. ඒ විතරක් නෙවෙයි යකුන් රඳවාගෙන කොටු කරගෙන හිටියා. අද ඒ ස්ථානය යක්කොටුව එහෙමත් නැත්නම් යක්කටුව කියලයි හඳුන්වන්නේ. රාහුල හාමුදුරුවො යන්ත්‍ර මන්ත්‍රවලට ඕන බෙහෙත් වර්ග ගෙන්නා ගත්තේ යකුන් ලවා.


අදත් මේ ප්‍රදේශය ජනවහර තවමත් පොහොසත්. කටවහරින් ජන සමාජයේ තවමත් භාවිත වන මේ කවි ටික කියන්නේ උන්වහන්සේගේ කවීත්වය ගැන. මේ වීදාගම හිමි හා රාහුල හිමි අතර සංවාදයක්.
මමත් දුවේ එක දීගෙක හුන්නෙමි
සැටක් පිරෙන තුරු දුටුවන් වැලැන්දෙමි
නුඹලා වගේ අඩුකෝඩුත් නොම කෙළෙමි
එකදා රැයක තුන්සිය හැටකට උනිමි
වීදාගම හිමිගේ අම්මාගේ චරිතය රඟමින් කී එම කවියට රාහුල හිමියන් ගුරුවරයකුගේ චරිතය රඟමින් දුන් කවි පිළිතුරයි මේ.
චී චී අම්මෙ මට නොකියන් එවැනි කතා
බාලේ පටන් දෑලේ දෙන්නා තොර නැතා
ගාලේ හරක් මොන අලුයම නැඟිට සතා
කනුත් සොරුත් හැර තුන් සිට හැටක් වෙතා
මේ වීදාගම හිමියන්ගේ කවි දහම් ගැටයයි.
අටසියයක් කඩ සත්දිත් ඇති පයියා
අටසියයක් වැල් බානින් බැඳි පයියා
කරු දෙකකින් උෟලා ගෙන යන පයියා
කොතන දමන්දෝ නොදැනෙයි කයි පයියා
ශෘංගාර රසය ඉහවහා ගිය මතුපිටින් බැලූ කල දෙපිට කැපෙන අර්ථයක් කුළුගන්වන, අසා සිටින්නන්ට තහනම් රසයක් එක්කරමින් හිත කිති ගන්වන එම කවි දහම් ගැටය රාහුල හිමියන් මනා කොට ලිහා දමමින් දුන් පිළිතුර මෙයයි.


කව සියයක් වැලි බානින් කළ ගෙත්තම්
අට සියයක් සත්දින් රටටම වත්කම්
කපායියා මළුලා කරපුව ගෙත්තම්
මොලොව කුමන නාටකදෝ අනිත්තම්
ඉන් නොනැවතුණ රාහුල හිමි දුන් උපහාසාත්මක කවිය මෙයයි.
මාළු අටක් තඹ සැළියක් පෙර ගන්නේ
සැරයටි දෙකයි තඹ හැළියයි ඒ එන්නේ
සැදි කවු දෙකෙකි ගිනි කටුවකි ඉතුරුන්නේ
මෙලොව කුමට නාටක දැයි අනිත්තේ
රාහුල හිමි උගතෙක්. ශිල්ප ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර කෙළ පැමිණයෙක්. ග්‍රන්ථ පරිශීලකයෙක්. මේ කවි සංවාදය දිහා අප බැලිය යුත්තේ මතුපිටින් හෝ ගැඹුරින් කියැවෙන අර්ථ රසය, ගෘංගාරය සඟවා කියන අර්ථ හෝ වෙනත් රස මිහිරියාවක් ගැන විතරක් නෙවෙයි. වීදාගම හා රාහුල හිමියන්ගේ විශිෂ්ට බුද්ධිය, ප්‍රඥාව ගැන විමසමින්.


අප ළඟ දැනට තියෙන කරුණු අනුව භාෂාවට, ලේඛනයට, කවිත්වයට, ග්‍රන්ථකරණයට, යන්ත්‍ර මන්ත්‍රවලට අමතරව වෛද්‍ය ශාස්ත්‍රයත් පරතෙරටම දැන සිටි හිමිනමක් තමයි රාහුල හාමුදුරුවෝ. දැන් අපේ මේ උත්සාහය උන්වහන්සේ ලියා තැබූ වෛද්‍ය ශාස්ත්‍ර ඇතුළත් වෛද්‍ය ග්‍රන්ථ සොයා බැලීම.
අද අපිට හමුවෙනවා තවත් වැදගත් සාක්ෂියක්. ඒ රාහුල හිමිගේ ශිෂ්‍ය පරපුර හා සබඳකම් තිබූ බව කියැවෙන වියතෙක් ගැන. ඔහු ජීවත් වුණේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල. ඒ මහා කෝටිපතියකු විදියට. ඔහුගේ ගම වුණේ හික්කඩුවේ අම්බන ප්‍රදේශය. ඒ ‍ෙදාස්තර පී.එම්. සරත්චන්ද්‍රයන්.
ඔහු ගැන පූජ්‍ය රැකවහේනේ චන්ද්‍රජෝති හිමියන් වරක් මෙහෙම කියා තිබුණා. සරත්වතී ගම බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් ඉටුකළ බව. මේ ‍ෙදාස්තර සරත්චන්ද්‍රයන් පවසා තිබූ දෙයක්.


අප තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයන්. ඇබිත්තයන්. එම නිසා අප අද ආඩම්බරයෙන් අපේ පෙළපත පාවිච්චි කරන්නේ ඇබිත්තගොඩගේ කියලා.


රාහුල හිමියන් ගුප්ත විද්‍යාවට දක්ෂ බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ගුප්ත විද්‍යාවෙන් බොහෝ වැඩ කරගත් රාහුල හාමුදුරුවෝ ඒ ගුප්ත විද්‍යාවම වර්තමානයේ ඉතා දියුණු තාක්ෂණ ක්‍රමයක් බවට හරවාගත්තා. ඒ, ගුප්ත විද්‍යා ක්‍රමයෙන් පණිවුඩ හුවමාරු කරගනිමින්. ඉතා මෑතකදී ඉතා දියුණු තත්ත්වයට පත්කරගත් චන්ද්‍රිකා තාක්ෂණයේ පියා වන්නේ ශ්‍රී ලාංකික රටවැසි භාවය ලබාගත්ත ශේ්‍රෂ්ඨ තාරකා විද්‍යාඥයකු වන ආතර් සී. ක්ලාක්. නමුත් අපේ වහරේ තොරතුරුවලට අනුව චන්ද්‍රිකා තාක්ෂණයේ පියා විදියට අපට හඳුන්වන්න පුළුවන් අපේ රටේ උපන්න අපේ ජාතියේම කෙනකු වන අපේ බුදු දහම පෝෂණය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. මේ ඒ ගැන ජනවහරේ තිබෙන කතා බහක්.


රාහුල හාමුදුරුවෝ දිවි ගෙවූ ආවාස ගෙයට ටිකක් එහායින් තිබූ උස පොල් ගසක එක පැත්තකට වෙන්න ලොකු කටක් තිබිච්ච දෙයක් හයි කරලා තිබුණා. ඒක හරියට බෙරයක් වගේ. ඒකෙ එළියට ඇරිච්ච පැත්තෙ ලොකු කුල්ලක් වගේ එකක් තිබුණා. ඒක හරියට හුළඟ ඇදලා ගන්න එකක් වගේ. ඒකට කම්බියක් හයි කරලා තිබුණා. ඒකෙ අනිත් කොටස උන්වහන්සේ සැතපෙන ගෙයි ඇතුළට අරගෙන තිබුණා. ඒ කොන තවත් යන්ත්‍රයකට හයි කරලයි තිබුණේ. ජනවහරේ මේ ගැන කියැවෙන්නේ ඒ යන්ත්‍රය හරහා දඹදිව විස්තර එදා ලබාගත්තා කියල.


සමහරු මේ කතා විහිළු කතා විදියට සලකනවා. නමුත් අද තරම් ගමනාගමන පහසුකම් නොතිබුණු, දියුණු ප්‍රවාහන ක්‍රම නොතිබුණු, පැය තුන හතරකින් පිටරටකට යාගන්නට නොහැකි වුණු කාලවල පිටරටවල් එක්ක තොරතුරු හුවමාරු කරගත් ඉක්මන මොකක්ද කියලා හොයලා බලන්න වටිනවා.
රාහුල හිමි චරිතය කියවීමෙන් අපි ලබාගත යුත්තේ එවැනි පරමාදර්ශයක්.


අරුණඩේල් විජේරත්න
ඡායාරූප - ජේ. වීරසේකර

Nov 27, 2013

රජ මැදුරුවල හොල්මන් කරන එංගලන්ත රජ පරපුර


 
බකිංහැම් මාලිගය
 
 
ලොවම අඳුරේ ගිල්වමින් රාත‍්‍රිය එළැඹෙන්නේ ගුප්ත බියකරු නිහැඬියාවකට ලෝකය ඇද දමමිනි. මේ අන්ධකාරය තුළ රජ කරන්නේ දින ගෙවී වසර ගණනාවකට කලින් මෙලොව හැර ගිය විවිධ පුද්ගලයන්ගේ අවතාරය. මේ අවතාරවලට සැරිසරන්නට හොල්මන් කරන්නට කිසිම තහනමක් නැති සේය. මහා බලගතු බල පරාක‍්‍රමයෙන් පිරුණු රජ මැදුරක් වුවත් අවතාරයකට ප‍්‍රශ්නයක් නැත. ලන්ඩනයේ සුප‍්‍රසිද්ධ බකිංහැම් මන්දිරය ඇතුළු රජ මැදුරුවල පවා අවතාර සැරිසරන්නේ ඒ නිසාය.
එංගලන්ත මහ රැජිනගේ නිල මන්දිරය වූ බකිංහැම් මාළිගයේ පවා අවතාර සැරිසරන බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත.

එහෙත් මේ රජ මැදුරුවල අවතාර විසිපහක් පමණ ජීවත් වන බව කියැවේ. මේ අවතාර අතර කිරුළු දැරූවන් ද සිටින බව බොහෝ දෙනකු දැක තිබේ.
බකිංහැම් මාළිගය වූකලී කාමර 775කින් සමන්විත දැවැන්ත ප‍්‍රාසාදයකි. රාජකීයයන් සහ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 52ක්, කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 188ක්, කාර්යාල කාමර 92ක්, වැසිකිළි සහ නාන කාමර 78ක් ආදී වශයෙන් වූ කාමර රැසක් ඉහත කී කාමර 775ට ඇතුළත්ය. මේ අනුව මන්දිරයේ දිග මීටර් 108ක් පමණ වේ.
 

1 වැනි එළිසබෙත් රැජින
 
3 වැනි ජෝර්ජ් රජු
 
8 වන හෙන්රි රජු
 
මෙම සුවිශේෂ මැදුර බි‍්‍රතාන්‍ය රජ ගෙදර බවට පත් වූයේ 1837 වසරේදීය. එවකට එංගලන්ත රැුජිනිය වූයේ වික්ටෝරියා මහේෂිකාවයි. එහෙත් මේ මැදුර තිබූ භූමියෙහි අතීතයේ තිබී ඇත්තේ තාපසාරාමයකි.
වෙස්ට්මිනිස්ටර් ඇබේ ලෙස කියැවෙන මෙම තාපසාරාමය සඳහා ඉඩම පවරා ඇත්තේ වසර 1536 දී එබුරි නම් නින්දගමෙනි. එහෙත් අට වැනි හෙන්රි එංගන්තයේ රජ කළ සමයේ දී මේ තාපසාරාමය එතැනින් ඉවත් කළේය. ජේම්ස් රජ සමයේ දී මෙබිම මල්බෙරි වගාවක් සඳහා යොදා ගත් අතර එවක මෙහි රජ කළේ පටපණුවන්ය.

මේ බකිංහැම් මාළිගයේ හොල්මන් කරන අවතාර අතර එක් ප‍්‍රසිද්ධ අවතාරයක් වන්නේ හිටපු පූජකයෙකි.

කිසියම් වරදකට හිර කරන ලද මේ පූජකයා විඳි දඬුවම්වල බරපතළකම කොයි තරම් ද යත් ඔහු හිර කුටිය තුළම මිය ගොස් ඇත. ඉනික්බිතිව මෙබිම හැර නොගිය හෙතෙම අදටත් අවතාරයක් සේ මෙහිම සැරිසරයි. එදා පැළැඳි දුඹුරු පැහැති ලෝගුව පැළඳ ගෙනම සෑම නත්තල් දිනකම බකිංහැම් මාළිගයේ කාමරවලත් අවට එළිමහනේත් සැරිසරන මේ අවතාරය බකිංහැම් මාළිගයේ කොයි කාටත් හුරු පුරුදුය.

බකිංහැම් මාළිගයේ සැරිසරන අනෙක් සුපතල අවතාරය මේජර් ජෝන් ග්වායන්ගේය. ස්වකීය නිල ඇඳුම ඇඳගෙන පාවහන් බිම ගැටෙන විට නැගෙන ඩොක් ඩොක් හඬ නගමින් මහ රෑ තරප්පු පෙළ නගින බසින මේ අවතාරය වැඩි පුරම ගැවසෙන්නේ මාළිගයේ පහත මාලයේය. හත් වැනි එඞ්වඞ් රජුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කළ ඔහු විවාහ වී සිටියේ රාජකීය පෙළපතකට  සම්බන්ධකම් ඇති තරුණියක සමගය. එහෙත් විවාහ දිවියේ තිබූ යම් යම් ගැටලූ හේතුවෙන් ඔහු එක් කලෙක ඇගෙන් දික්කසාද වූයේය. එහි ප‍්‍රතිඵලය වූයේ ජෝන් ප‍්‍රභූ සමාජයෙන් සාමාන්‍ය පංතියට පහත හෙළීමයි.

මමත්වය හිසේ තබාගෙන උජාරුවට ජීවත් වූ ජෝන් එතැන් පටන් දිවි ගෙවූයේ කනස්සල්ලෙනි. එක් දිනෙක බකිංහැම් මාළිගයෙහි වූ සිය රාජකාරි කාමරය තුළදීම හිසට වෙඩි තබාගෙන මිය ගිය ජෝන් එදා පටන් තවමත් බකිංහැම් මැදුරේ සැරිසරන අවතාරයකි.

එංගලන්ත රජ පවුල සතු තවත් රාජකීය මන්දිර කිහිපයක්ම තිබේ. මේ මැදුරුවල ද රාත‍්‍රියේ දී සැරිසරන අවතාර කිහිපයක්ම තිබේ. ඉන් සමහරෙක් රජුන් සහ රැුජිනියන් වීම පුදුමය දනවන සුළුය.

ජීවන ගමන් මගේ හැටනව වැනි අවුරුද්දේ දී මිය ගිය පළමු වැනි එළිසබෙන් රැජින තවමත් වින්ඞ්සර් මන්දිරය ඇතුළු රජ මාළිග අතැර ගොස් නැත.
දිනක් දෙවැනි එළිසබන් රැජින ඇගේ නැගණිය මාග‍්‍රට් සමග වින්ඞ්සර් මැදුරේ පුස්තකාලයේ කාලය ගත කළහ. ඔවුනට ඇසී ඇත්තේ පියවර හඬකි. මේ මහා රාත‍්‍රියේ සිය රජ මැදුර තුළ සැරිසරන්නේ හොල්මනක් දැයි බලන්නට දෙසොයුරියෝ පියවර හඬ ඇසුණු දෙසට ඇවිද ගියහ. සැබැවින්ම ඒ හොල්මනක් බව ඔවුනට පසක් වූයේ ඔවුන් ඉදිරිපිට සිටියේ පළමු වැනි එළිසබත් රැුජින නිසාවෙනි.

දෙපතුලටම දිගු කළු පාට ගවුම ඇඳ උරහිසින් කළු පාට ‘‘වෝල’’යක් දමාගත් ඇය අඩි උස සපත්තු පැළඳගෙන සිටියාය.

වින්ඞ්සර් රජ මැදුරෙහි සැරිසරන අනෙක් රාජකීය අවතාරය තුන් වැනි ජෝර්ජ් රජුගේය. ජීවිතයේ අවසන් සමයේ උමතු බවින් පෙලූණු ඔහු වැඩිපුරම කාලය ගෙවූයේ සිය කුටියෙහි සිට කවුළුවකින් පිටත බලාගෙනය. එවිට ඔහුට පෙනුණේ සිය හමුදා සෙබළුන් සරඹ ක‍්‍රීඩාවල යෙදෙන ආකාරයයි.

අභාවයෙන් පසුව වින්ඞ්සර් මාළිගා භූමිය තුළම වළ දැමූ බැවින්දෝ රජු මිය ගියත් මැදුර හැර නොගියේය.

පළමු වතාවට ජෝර්ජ් රජුගේ අවතාරය දැක ඇත්තේ උයන් පල්ලෙකි. රජු නිතර සිටි කුටියෙහි ජනේලයෙන් බලා ඉන්නා හැටි දුටු ඔහු පළමුව විමතියට පත් විය. පසුව එය අවතාරයක් බවට ඔහු වටහා ගත්තේය.

තුන් වැනි ජෝර්ජ් රජුගේ අවතාරය දුටු අට වැනි හෙන්රි රජු මේ අවතාරය හරියටම හඳුනා ගත්තේය. පුස්තකාලය කිට්ටුවම සැරිසරන මේ රාජකීයයා අදටත් ඇතැම් රැයක මැදුර තුළ ඇවිද යයි.

අට වැනි හෙන්රි ද තම රාජකීය මුතුන් මිත්තන් සමග අවතාර සංගමයේ සාමාජිකත්වය දරයි. හැබැයි ඔහු කාටවත් පෙනෙන්නට සිටින්නේ නැත. නමුත් ඔහු ඇවිදින හඬ නම් මාළිගයෙන් විටින් විට ඇසෙයි.
වින්ඞ්සර් මැදුර මතට සඳ එළිය පතිත වන රැුයක එහි සුන්දර උද්‍යානය වඩාත් අලංකාරව පෙනෙයි. මේ බඳු රැුයක තුන් වැනි රිචඞ් රජුගේ දඩයක්කාරයා මේ උද්‍යානයට  පිවිසෙයි. අතීතයේ මෙබිම පුරා දුව පනිමින් සතුන්ට ගිනි බින්ද ලෙසින් උයන පුරා සැරිසරන ඔහු හර්න්ගේ අවතාරයයි.  

වින්ඞ්සර් මැදුරට යාබදව පිහිටි වන රජදහනේ දඩයමේ යෑම තුන් වැනි රිචඞ් රජුගේ ප‍්‍රියතම විනෝදාංශයයි. ඔහු බොහෝ විට දඩයමේ යන්නේ සිය විශ්වාසවන්තම දඩයක්කාරයා වූ හර්න් සමගය. එදා ද රජු ගෝනෙකුට ගිනි බින්දේය. එහෙත් බරපතළ තුවාල ලැබූ ඌ වියරු වැටුණා මිස මිය ගියේ නැත.

මරු විකල්ලයෙන් වියරු වැටුණු ගෝනා රජුත් දඩයක්කාරයත් ඉදිරියට දිව ආ අතර උගේ බිහිසුණු ප‍්‍රහාරයට රජු ගොඳුරු වන්නට තිබුණේ ඇසිල්ලක් පමණි.
පලා යන්නැයි රජුට පැවසූ දඩයක්කාරයා පෙන්නා ඉදිරියට පැන්නේ රජුගේ ජීවිතය බේරා ගැනීමටය. මිනිසාත් තිරිසනාත් අතරට පැන්නේය. රජු බේරා ගත යුතු බැවින් දඩයක්කාරයා ගෝනා ඉදිරියට පැන්නේය. ඉක්බිති ඔහුත් ගෝනාත් අතර හටගත්තේ දරුණු අරගලයකි. ගෝනාගේ අං තට්ටුව දඩයක්කාරයාට තුවාල කළා සේම ඔහුගේ ගිනි අවිය ගෝනාට ද තුවාල කළේය. අවසානයේ ගෝනා මැරී වැටුණු අතර දඩයක්කාරයා තුවාල වී නොමැරී බිම වැටුණි.
”ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පළඳවන්න එතකොට ඔහුට සනීප වේවි,’’

මායාකරුවෙකු පැවසුවේය. එබැවින් මිය ගිය ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පැලැන්දුවේය. දින කීපයකට පසුව සුවපත් වූ හර්න් එවක් පටන් රජුගේ හිතෛෂිවන්තයා බවට පත් විය.

මේ ලෙන්ගතුකම අනෙකුත් දඩයක්කාරයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වූ අතර ඔවුහු රජුට හර්න් පිළිබඳ බොරු කේලාම් කීහ.

එහි ප‍්‍රතිඵලය වූයේ රජු විසින් හර්න් තනතුරෙන් පහ කිරීමය. ඉන් විස්සෝප වූ හර්න්, වින්ඞ්සර් මැදුර අද්දර වූ කැලයට ගොස්  ඕක් ගසකට නැගී එල්ලී සිය දිවි නසා ගත්තේය.

එවක් පටන් අදටත් මේ දඩයක්කාරයාගේ අවතාරය වින්ඞ්සර් මැදුර සහ ඔහු දිවි නසා ගත්  ඕක් ගස වැනි ස්ථානවල සැරිසරන්නේලූ.

ඇතැම් විටෙක මේ අවතාරය පෙනෙන්නේ ගෝන අං තට්ටුවක් සහිතව වන අතර තවත් වරෙක  ඕක් ගසේ එල්ලී සිටින ආකාරයටය.

එළිසබෙත් රැජිනත් ජෝර්ජ් රජුත් හෙන්රි රජුත් හිතුවාට වඩා බියක් හර්න් දුටු විට දැනෙන්නේ ඒ නිසාය.

Nov 25, 2013

ගම ගෙදරට ගෙනා වාසනාව අද්භූත කළුනික සෝලු කෝටුව


පුරාණයේ කොත්මලේ විසූ ජනතාව ජීවත් වූයේ කෘෂිකර්මාන්තයේ නියැළෙමින් ඉන් ලැබුණු ආදායමෙනි. එසේම දේපළ ඉඩකඩම්, කුඹුරු බහුලව තිබූ අයද එහි සිට ඇත. ඇතැම් අය පොහොසත්කමින් යුතු අයගේ කුඹුරු ආදිය අඳ ක්‍රමයට වැඩ කළහ.


අෑත අතීතයේ ඉතා දුප්පත් ගම පවුලක් කොත්මලේ ප්‍රදේශයේ විසීහ. ආර්ථික මට්ටමෙන් ඉතා අසරණ තත්ත්වයේ සිටී මෙම ගම පවුල එදිනෙදා වේල සරිකර ගත්තේ කුලී වැඩ කරමිනි. එකල කොත්මලේ ප්‍රදේශයේ ගවයන් ඇති කිරීම සිරිතක්ව පැවැතිණි. සෑම නිවෙසකම හරක් බානක්වත් සිට ඇත. අද මෙන් හරක් ගැට ගසා තණ කවන සිරිතක් එකල නොවීය. උදෑසන මොනරාගල කඳු පියසටත් පහළ ඇති ලන්දටත් හරකුන් රැගෙන යන ගැමියෝ ගවයන් තණ බුදින අතරේ පල වැල නෙළමින් බඹර කපමින් කාලය ගෙවා දමති. හවස් යාමයේ හරකුන් රැගෙන ආපහු එති. කලක් යනවිට හරක් රැගෙන ඒම සඳහා ආපසු යෑමට අවශ්‍ය නොවීය. එම සත්තු ඉබේම පැමිණ ගම ඉස්මත්තේ තැනිතලාවක ලැගුම් ගන්නට පුරුදු වූහ.



ඉහත සඳහන් කළ දුප්පත් ගම පවුලටද හරක් බානක් විය. ගම ඇත්තාද උදේ තම හරක් බාන රැගෙන ලන්දට ගොස් දමා එන අතර පසුව හවස හරක් ලගින තැනට ගොස් උන් රැගෙන ඒමට පුරුදු විය. දිනක් මෙම ගම්ඇත්තා හරකුන් ලගින තැනට ගොස් බලන වට තම හරක් බාන එහි පැමිණ නැති බව දුටුවේය. පසුව ඔහු කැලයට ගොස් ඇඳිරි වැටෙන තුරුම සොයා හිස් අතින්ම ගෙදර පැමිණියේය. පසුදා උදේම නිවෙසින් පිටත් වූ ගම ඇත්තා කැලයට ගොස් උන් සොයා සෑම තැනම ඇවිද්දේය. එහෙත් උන් ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. ගවයන් නැතිව ඉතා දුකින් ආපසු එන ඔහුට පාරේ තිබී සෝලු කෝටුවක් හමුවිය. එසේම එය ඉතා බලසම්පන්න එකක් බව අතට ගත්විට ඔහුට දැනිණි. මෙසේ එම සෝලු කෝටුවත් රැගෙන එන අතරේ පාර අයිනේ ගසක් යට තණකමින් සිටින තම හරක් බාන දැක ගත හැකි වූයෙන් ඔහු ඉතා සතුටට පත්විය. පසුව ගෙදරට පැමිණි ගම ඇත්තා කළුනික සෝලු කෝටුව වහලයේ ගසා සිදුවූ අද්භූත විස්තරය තම බිරියට කීවේය. එහෙත් සෝලු කෝටුව වහලයේ ගසා තිබෙන තැන බිරියට කීවේ නැත.



කළුනික සෝලු කෝටුව නිසා ටික කලක් යන විට මෙම දුප්පත් ගම පවුල ගමේම සිටින පොහොසත් පවුල බවට පත්විය. තමන් මෙතරම් පොහොසත් වූයේ කළුනික සෝලු කෝටුව නිසා බව ගම් ඇත්තා දැන සිටි නමුත් ගෙදර ඇත්තී ඒ බව නොදැන සිටියාය. ගම ඇත්තාද ඒ බව ඇයට නොකීවේය. බොහොම දුප්පත් කමින් සිටි මේ පවුල හිටි හැටියේ මෙසේ පොහොසත් වූයේ කෙසේ දැයි යන්න ගමේ අනෙක් අයටද ගැටලුවක් විණි. එහෙත් ඒ ගැන සොයා බලන්නට කාටත් වුවමනාවක් වූයේ නැත.
තමන් මෙතරම් පොහොසත් වූයේ කෙසේද කියා ගම ඇත්තාගේ බිරියටද ගැටලුවක් ඇති විය. ඒ ගැන නිතර නිතර තම සැමියාගෙන් ඇය විමසන්නට වූවාය. ඇයගේ කරදරය ඉවසා සිටින්නට බැරිම තැන සත්‍ය තොරතුරු කීමට ගමයාට සිදුවිය. ඔහු ඒ පිළිබඳ ඇයට කීවේ කාටවත් නොකියන ලෙස පොරොන්දු කරගෙනය. ඇයද ඊට එකඟ වූවාය.




මෙසේ ටික කලක් එම රහස රැකගෙන සිටියත් ඇයට එය කාට හෝ කීමට අවශ්‍ය විය. ඒ අනුව ඇය ගමේ කාන්තාවකට ඒ පිළිබඳ විස්තර කළාය. ඉන් ටික දිනකින් එම රහස ගම පුරා පැතිරී ගියේය. මෙම අපූරු සෝලු කෝටුව ගැන මලය රටේ සිටි දක්ෂ ඇදුරකුටද ආරංචි විය. එම ඇදුරා තවුස් වෙසක් ගත්තේය. එසේ පැමිණි මෙම ගම ගෙදරට අවුත් තමන්ට භාවනා කිරීමට මෙම ඉඩමේ සුදුසු පරිසරයක් ඇති බවත් ඒ සඳහා සුළු ඉඩ ප්‍රමාණයක් ලබාදෙන ලෙසත් ගමයාගෙන් ඉල්ලා සිටියේය. ගම දෙමාල්ලන් හට තාපසයාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි විය. ඒ අනුව ඔහුට සිටින්නට වත්ත කෙළවරක කුටියක් සකස් කරදී දිනපතා දානයට වඩින්නටද ආරාධනා කළේය. තාපසයා එවිට ගම දෙපළට කීවේ තමන් නිසි පරිදි ගුණදම් ආරක්ෂා කරන අයකු නිසා පිටස්තර අය දෙන ආහාරපාන ආදිය නොවළඳන බවයි. වෙන අයගේ ආහාරපාන ගතහොත් තමාගේ සිල් බිඳෙන බවත් ඒ නිසා තමන්ම ආහාර පිළියෙල කරගන්නා බවත් හෙතෙම කීවේය.



තාපසයා ආහාර පිළියෙල කළේ රත්තරනින් සෑදු භාජනවලය. අනුභව කළේද රත්තරන් පිඟානකය. මේ තරම් රත්තරන් ගොඩක් තිබෙන අපූරු තාපසයා පිළිබඳ මෙම ගම දෙපළ පැහැදී සිටියහ. ඔවුහු එතුමාට භක්තියෙන් සිටියහ. මෙසේ කාලයක් ගෙවී යන විට මෙම තවුස්වෙස් ගත් ඇදුරාට ගම ගෙදර සෝලු කෝටුව පිළිබඳ විමසිලිමත්වී එය තිබෙන තැන සොයා ගැනීමට හැකිවිය. එහෙත් එය ලබා ගන්නට නම් ගමයා ගෙදර නොසිටින අවස්ථාවක් විය යුතුය. එසේම එය ගම ඇත්තීගෙන් ප්‍රයෝගයෙන් ගත යුතු බව හෙතෙම කල්පනා කළේය. මෙසේ ඒ පිළිබඳ උනන්දුවෙන් කල් මරමින් සිටින විට දිනක් ගම ඇත්තා නිවෙසින් පිටත් වී දුර බැහැරක යන බව දැනගත හැකි විය. සෝලු කෝටුව ලබා ගැනීමට එය කදිම වෙලාව බව දැනගත් තාපසයා වහා ක්‍රියාත්මක විය.



ඒ අනුව ගම ගෙදරට ගිය තාපසයා තමා දැන් මෙහි සිටියා ඇති බවත් අෑත මහ වනයට ගොස් භාවනා කිරීමට අදම යන බවත් පැවැසුවේය. ගම බිරියද තාපසයාගේ හදිසි තීරණය ගැන කම්පා වූවාය. එහෙත් එතුමන් උසස් ගුණදම් රකින තාපසයකු නිසා කිසිත් නොකීවාය. තාපසයා තමන් පාවිච්චි කළ රත්තරන්වලින් පිඟන් කෝප්ප ආදිය ගම බිරියට ගෙනැවිත් දුන්නේය. තමන් මහ වනයට යායුතු නිසා ආරක්ෂාවට වහලයේ ඇති සෝලු කෝටුව දෙන ලෙස ඇය ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එය තිබෙන තැන පෙන්වා ඇයගෙන් එය ලබා ගත්තේය. ගම බිරිය තාපසයාට එය ලබා දුන්නේ රත්තරන්වලට වූ අධික තණ්හාව නිසාය. එය කළුනික සෝලු කෝටුවක් බවත් තම පවුල මෙසේ පොහොසත් වූයේ එය නිසා බවත් ඇයට සිත්චුණේ නැත. තවුසා එය රැගෙන ඉක්මනින්ම යන්නට ගියේය.



ගම ඇත්තා යළි නිවෙසට පැමිණෙන විට ගම බිරිය එම විස්තරය ඔහුට කීවේ තාපසයා දුන් රත්තරන් භාණ්ඩ පිළිබඳ උදම් අනමිනි. ගමයාගේ ඉහ මොළ රත්වී ආවේය. එහෙත් පමා වූවා වැඩිය තම පවුලට මෙසේ වාසනාව ගෙනාවේ එම කළුනික සෝලු කෝටුව නිසා බව ඇයට පහදා දුන්නේය. එවිට ඇයද දුක්වෙන්නට වූවාය. එසේ කල් යත්ම එම දෙපළ දුප්පත් වී අසරණ තත්ත්වයට පත්වෙන්නට වූහ. ඔවුහු තම දේපළ විකුණමින් ජීවිතය ගැටගසා ගන්නට පුරුදු වූහ. තමන්ට වාසනාව ගෙනා සෝලු කෝටුව නැතිවීම ගැන දුක් වන්නට වූහ.

සෞදියේ සුන්දර අබා නගරය

ඉමක් නොපෙනෙන  කාන්තාර වලින් හෙබි සෞදි අරාබියේ  ශ්‍රී ලංකාවේ නුවරඑළියට  බොහෝ සමාන සුන්දර කදුවැටි බඩවැටි  මිහිදුන් වලාකුලෙන් හෙබි ප්‍රදේශයක් ඇතැයි  කිවහොත් ඔබ විශ්වාස කරනු ඇතැයි මා නොසිතමි. 


සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර  කළාපයෙන් ඔබ්බට  ගමන් කරන ඕනෑම  කෙනෙකුට දැකගත හැකි වන්නේ  ඉමක් කොනක් නොපනෙන වැලි කුණාටුවලින්  ගහණ වාළුකා කාන්තාරත් එකාපිට එකා ගමන් කරන ඔටු  පෙරහරවල් මිස ගහක් කොළක් හෝ  පිපාසයට දිය බිදක්  නම් නොවේ. 

එහෙත් මේ විශාල බිම් ප්‍රමාණයකින් වට වු  සෞදි අරාබියේ  දකුණු දිග අර්ධද්වීපයට අයත් ප්‍රදේශයක් වන  අසීර් නම් කළාපයේ  පරිසරය ගහකොළ ගහ කොල වතු පිටි හාත් පසින්ම වෙනත් බව දැනගන්නේ පසුගියදා සිදු කළ සංචාරයකදීය. 

සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් සිට කිලෝමීටර් (2000) දෙදහසක්  දුරින්ද  රියාද් සිට කිලෝමීටර් එක්දහස් එකසියක් දුරින්ද  ජෙඩා නගරයේ සිට  කිලෝමීටර් 700 ක් පමණ දුරින්ද පිහිටි  ඒ සුන්දර නගරය  අබා නගරය ලෙසින්ද හැදින්වෙන අතර එම ප්‍රදේශය අයත් වන්නේ   සෞදි අරාබියේ  අසීර් කළාපයටයි.
අබා ප්‍රදේශයේ රතු මුහුදට මායිම්ව පිහිටි ජිසාන් වලට කිලෝමීටර් 200 ක්ද ජිසාන් සිට හැත්තෑවක් පමණ දුරින්  පිහිටා තිබේ. 

 අබා වු කළි  සෞදි අරාබියේ මුල් පදිංචිකරුවන් ජිවත් වු ප්‍රදේශයක් ලෙස වසර 300 කට එපිට අරාබි ජාතිකයින්  ජීවත් වු වාසභවන  තවමත් ශක්ති සම්පන්නව පැමිණිම නිසා බව අනුගමනය කළ හැක.
අබා ප්‍රදේශය වර්ග කිලෝමීටර් සිය ගණනක්  පුරා විසිරි ඇති  මුහුදු මට්ටමේ සිට  අඩි  දස දහසකට නොඅඩු කදු වලල්ල  පාමුල සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ සමනල කන්ද  මෙන් යැයි අපට සිතිණි.
ඉතා විශාල කදු හා බෑවුම්වල වලින් සමන්විත නිසා වාහන පැදවීමේදී පවා ඉතාමත් පරීක්ෂාකාරී විය යුතුය.අනතුරු අවම කැර ගැනීම වෙනුවෙන්  විශාල සිමෙන්ති බැමි යොදා  මාර්ගය දෙපස ආවරණය කැර තිබේ. 

 මෙම කඳු මුදුන එක් කැර ඇති එක් ප්‍රදේශයක්  අල් සුමුදු  යන නමින් හදුන්වයි.
කදු මුදුනෙන් ඔබ්බට නැගී නැවතත්  රසල් අල් මා  නැවතී ප්‍රදේශට පිවිසි අපි එහි සිරි නැරඹුවෙමි. 
 
අසාර් කළාපයට  අයිති අබා ප්‍රදේශය සෞදි අරාබියේ කොටසක් දැයි විටෙක සිතේ. වන සතුන්ගෙන් ගහන  අබා ප්‍රදේශයේ පාරම්පරික මුල් අරාබිවරුන්ගේ  ගෘහ නිර්මාණ ශිල්ප  සිගිරි බිතු සිතුවම් වලට  සමාන කවි ද එහි දකින්නට ලැබීම සුවිශේෂිත්වයකි. 

මඩවගුරු සහිත බිම් හි  කෙසෙල්,කන්කුන්,තම්පලා,පේර,ජම්බු ,දෙළුම්,බඩ ඉරිඟු ,ඉදල් සරුවට වැවෙන අතර  ශ්‍රී ලංකාවේ  වැවෙන කහ පැහැයෙන් යක්ත මාළු මිරිස් ,තක්කාලි  මෙන්ම ගස් ලබු,දෙහි ,දොඩම් ,වට්ටක්කා ,ගෝවා වැනි භෝගයන්ගෙන් සමන්විත  ඉතා සරු අස්වැන්නක්  ගෙන දෙයි.
අබා ප්‍රදේශය රතු මුහුද පිහිටි ජිසාන් නම් මුහුදු බඩ  ප්‍රදේශයේ   ගමන් ගන්නා විට පාරම්පරික  මැටි වළං නිශ්පාදනය  බෙදා හැරීම  ලංකාවේ  සමකළ හැකි වන්නේ  කතරගම  ප්‍රදේශයේ  මැටි වළං අලෙවිසල් වල දසුනකි. 

කිලෝමීටර්  දෙදහසක් පමණ  දුරක් ගෙවමින්  කිලෝමීටරයේ සිට 1.5  දක්වා දිවෙන උමං මාර්ග කිහිපයක් දර්ශන දැක ගත හැකි වු අතර අබා නගරයේ පිහිටි ‘ශ්‍රීමත් මවුන්ටන්‘  කොල කන්ද නැමැති ප්‍රදේශය අබා ප්‍රදේශයේ ඕනෑම  තැනකට  දිවා රාත්‍රි කාලයේ  දිස්වන අතර විශාල වැව් කිහිපයක්ද  පිහිටා ඇත.
 සුන්දර අබා නගරයේ  කදු මදුන්  දෙකකට සවි කර ඇති තවත් කේබල් කාර් අංගන දෙකක් ද සවි කර ඇති අතර එහි උපරිම දුර  කිලෝමීටර් 3.6 ක් වේ.
දින පහකින් පසු  ගමනාන්තයට පැමිණිමේදී මේ සදහා  මග පෙන්වු  අබා ප්‍රදේශයේ පදිංචි  නිමල් එඩේරමුල්ල මහතා සහ මැක්සි මහතාද අප සමග  සිටියේය.
ගමන සදහා ඔවුන්ගෙන් ලැබුණු සහය ඉතා විශාලය.









, ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට  



Nov 17, 2013

හරිත වර්ණයෙන් බැබළෙන ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවය

6-1
හරිත වර්ණයෙන් බැබළෙන පරිසරයක සොබා සිසිල විඳගැනීමත්, සුවඳැති රෝස කුසුමක සුවඳ ආශ්වාදනය කිරීමටත්, නාගරීකරණයෙන් මිදුණු ගම්බද පියසක් හෝ උද්භිද උද්‍යානයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොවේ. එවැනි අත්දැකීමක් විඳගැනීමට අවශ්‍ය නම් ඉදිරියේදී බස් රථ නැවතුමක රැඳී සිටීමෙන් එය සපුරා ගැනීමට හැකි වනු ඇත. ඒ ගෙවතු අලංකරණ ශිල්පී ‘මාක් ගේ‍රනන්’ විසින් ‘ෆයිටෝකයිනෙටික්’ (Phytokinetic) ලෙස හඳුන්වා දී ඇති නවතම උද්‍යාන සැලසුම්කරණ ක්‍රමවේදයකට පින්සිදු වන්නටය. ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයත් සමග පරිසරයේ හරිත වන සම්පත ක්ෂය වී යාමත් හේතුවෙන් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට එරෙහිව මතුව ඇති බාධාවන් යම්තාක් දුරකට හෝ මැඩලීමේ අරමුණ ඇතිව මාක් විසින් හඳුන්වා දී ඇති නවතම සංකල්පය නම් ‍පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථවල වහල මත හරිත උද්‍යාන සැලසුම් කිරීමයි. වාහනයේ වායුසමීකරණ පද්ධතිය හරහා එකතුවන ඝනීභවනය වූ ජලය ආධාරයෙන් වගා කෙරුනද අවශ්‍ය විටක ඊට බාහිර ජල සැපයුමක් ලබාදීමේ හැකියාවද වේ. ‘ෆයිටෝකයිනෙටික්’ වර්ගයේ පළමු බස් රථය මේ වන විට මගී ප්‍රවාහන සේවයට එක්ව ඇත්තේ ස්පාඤ්ඤයේ ජිනෝරාහි පිහිටි ස්වභාව සෞන්දර්ය නිකේතනයකට සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහාය.

6-2
පසුගිය සතියකදී මාක් විසින් ‘ෆයිටෝකයිනෙටිස්’ තාක්ෂණයෙන් යුතු හරිත වහලක් සහිත ලොව ප්‍රථම වෑන් රථයද හඳුන්වා දෙන ලද්දේ ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයත්, ජනගහන වර්ධනයත් හේතුවෙන් ඉදිරියේදී මෙබඳු හරිත වාහනවල අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙනු ඇති බව අවධාරණය කරමිනි. නාගරීකරණයත්, ජනගහන වර්ධනයත් කෙතරම් ශීඝ්‍ර ලෙස සිදුවුවද නගරයක ජීවත් වීමේ හැකියාව ලැබෙනුයේ එහි ඇති ශාක සම්පත විසින් සිය ජීව ක්‍රියාවලියක් වන ප්‍රභාසංස්‍ලේෂණය හරහා වාතාශ්‍රය නිසි ලෙස පිරිසිදු කිරීමට ලක්කරන්නේ නම් පමණි. ඒ වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරමින් ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි වායුගෝලයට එකතු කරන්නේ නම් පමණි. මාක් ගේ‍රනන් පවසන ආකාරයට නගරයක පෙණහලු බඳු හරිත සම්පතද ජනගහන වර්ධනයට සමාන වේගයකින් වර්ධනය විය යුතු වුවද සිදුවෙමින් පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් බැවින් ඉතිරිව ඇති කුමන හෝ ඉඩක් යොදා ගනිමින් වන වගාව සිදුකිරීමේ විකල්පය සාර්ථක කර ගැනීමේ වඩාත්ම ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ, ‍පොදු ප්‍රවාහන සේවය හා වෙනත් වාහනවල වහලය මත වනවගාව සිදු කිරීම යන්න ෆයිටෝකයිනෙටික් සංකල්පය බිහිවීමේ පදනම වී තිබේ. 6-3එමගින් නගරයේ වාතාශ්‍රය ස්වභාවිකව පිරිසිදු වනවා පමණක් නොව එය සංචාරක ආකර්ෂණ මාධ්‍යයක් ලෙසද ක්‍රියා කරනු ඇත. මෙහිදී භාවිතා කෙරෙනුයේ පස රහිතව පැළ වගා කිරීමට යොදා ගන්නා විශේෂිත ‘හයිඩේ‍රා‍පොනික්’ මාධ්‍යයක කුඩා පැළෑටි වගා කිරීමය. සාමාන්‍යයෙන් 7 c.m. ක ඝනකමට සකස් කර ගන්නා හයිඩේ‍රාපෙනික් මධ්‍යයේ ඇති විශේෂත්වය නම් ඊට ජලය පෙරා හැර තෙතමනය පමණක් රඳවා ගැනීමට ඇති අසම සම හැකියාවය. වාහනයේ වායු සමීකරණ පද්ධතිය මගින් ඊට ඇවැසි ජලය ලබා ගැනීමේ විකල්පයද ඉතාම ප්‍රායෝගික වූ ක්‍රමවේදයක් වන්නේ, පරිසර ඌෂ්ණත්වය ඉහළ යන කළ ස්වයංක්‍රීයව සිදුවන සිසිලනයද ඊට සමානුපාතිකව ඉහළ යෑමෙන් කිසිදු බාහිර බලපෑමක අවශ්‍යතාවයකින් තොරවම වහලය මත වන වගාවට වැඩි ජල සැපයුමක් ලැබිමයි. සිය නව නිපැයුම තවදුරටත් වැඩි දියුණු කළ නව අංග එකතු කිරීම සඳහා අත්හදාබැලීම් සිදුකරමින් සිටින මාක් ගේ‍රනන් මේ වන විට ඒ සඳහා ආරක්ෂක හා තාක්ෂණික වශයෙන් සමත් විය යුතු සියලුම විභාගයන්ගෙන් සමත් වී සිටින අතර, සිය නව නිර්මාණය ස්පාඤ්ඤයේ මහා මාර්ගවලට පුළුල්ව හඳුන්වා දීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දියහැකි මෝටර් රථ නිෂ්පාදන ආයතන සමගද ගිවිසුම්වලට එළඹී සිටින්නේය. මේ නිසා නුදුරු අනාගතයේදීම රියසක මත ගමනේ යෙදෙන කුඩා පරිමාණයේ උද්‍යාන දැක බලා ගැනීමට අපට අවස්ථාව හිමිවනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු

Sep 27, 2013

ඕස්ට්‍රේලියාවට නව නායකත්වයක්

3-1
කැන්ගරු දේශය ලෙස විරුදාවලිය ලත් ඕස්ට්‍රේලියාව අපට ආගන්තුක නොවේ. ඒ නිසාම එරට තුළ සිදුවන දේශපාලනික හා සමාජීය පෙරළි පිළිබඳව අපි නිරන්තර අවධානයකින් පසුවන්නෙමු. මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ සිදුවූ හැලහැප්පීම්   බොහෝයි. ජුලියා ගිලාඩ්  අගමැතිකමෙන් ඉවත් වීමත් කෙවින් රඩ් යළි අගමැති ධුරයට ඒමත්  එහිදී කැපීපෙනිණි. එහෙත් වැඩි කලක් අගමැති පුටුවේ සිටීමට ඔහුට වරම් නොවිණි. හතළිස් හතර වන වතාවට පැවැති ඕස්ට්‍රේලියානු  මහ  මැතිවරණය තවත් සුවිශේෂී වෙනසක් කරා ඕස්ට්‍රේලියාව ගෙන ගියේ විපක්ෂයට රටේ අනාගතය භාර කරමිනි. ඒ  වෙනසේ ඇතුළාන්තය මෙවර අපගේ දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.

ඕස්ට්‍රේලියානු දේශපාලන  ඉතිහාසය දෙස බලද්දී ඔවුන්  කලක් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ  පාලනය වුණි. ඒ නිසාමදෝ බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් සුසංයෝගයක් ඕස්ට්‍රේලියානු   පාර්ලිමේන්තු ක්‍රමය තුළ වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් හා සෙනෙට්  සභාවෙන් සැදුම්ලත් එය ආසන එකසිය පනස් පහකින් සමන්විත වූවකි. එරට ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයායි. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අසුන් ගන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේයි. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් දිනා ගැනීමට නම් ආසන එකසිය පනහෙන්  භාගයකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ට හිමි විය යුතුවේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ප්‍රාන්ත නියෝජනයක් පවතින අතර ප්‍රාන්තයේ ජනගහනය අනුව මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තීරණය වේ. එනම් ජනගහනය වැඩි ප්‍රාන්තයක  මන්ත්‍රීවරුන්ද වැඩි වේ. මේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ක්‍රමයේ දළ සැලැස්මයි. එරට මැතිවරණ  ක්‍රියාවලිය බොහෝ දුරට ඇමෙරිකාවට සමාන වූවකි. පසුගිය සැප්තැම්බර් හත් වනදා කැඳවූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ  අරමුණ  වූයේ පාර්ලිමේන්තුවට නව සාමාජිකයින් තෝරා පත්කර ගැනීමයි.  එය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාව තුළම වෙනසක් ඇති කරන්නක් විය. විපක්ෂ නායකයා අගමැති පුටුවට ගෙන ඒම මෙවර ඕස්ට්‍රේලියානුවන් සිදුකළ  වෙනසයි. කෙවින් රඩ් ගෙදර යවා ටෝනි ඇබට් අගමැති පුටුවට ගෙන ඒමට ඕස්ට්‍රේලියානුවන්ට සිතුණේ ඇයි? ‍ලේබර් පක්ෂයෙන්  පාලනය ගිලිහී විපක්ෂයේ සිටි ලිබරල් වාදීන්ට  බලය හිමි වූයේ වසර හයකට පසුවයි. සය වසරකට පසු ඕස්ට්‍රේලියානුවන් මෙවන් වෙනසක් කරා යාමට පෙළඹ වූ කාරණා බොහොමයක් වේ. කොහොමටත් මෑතක සිට ‍ලේබර් පක්ෂයේ නායකත්වය පැවැතියේ  අස්ථාවරත්වයකය. අගමැති  පුටුවේ සිටි ජුලියා හිලාඩ්  ඉන් ඉවත් කර ඉන් පෙර අගමැති ධුරයේ සිටි කෙවින් රඩ් යළි එම ධුරයට ඒම පක්ෂ නායකත්වයේ හැලහැප්පීම් තිබූ බවට දිය හැකි හොඳම  සාක්ෂියයි. ජුනි මාසයේ සිදු වූ මේ නායකත්ව වෙනසේ උණුසුමත් සමග කැඳවා තිබූ ඡන්ද විමසීමකින් පෙනීගියේ විපක්ෂයේ නායකයා ඉදිරියෙන් වන වගයි. ‍ලේබර් පක්ෂය මැතිවරණ තරග බිමට ගෙන ඒමට කෙවින් රඩ් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඒ වන විටත් ඇබට් ඉස්සර වී සිටි නිසායි.   ලිබරල් ජාතික සන්ධානය  නමින් කුඩා පක්ෂවල එකතුවකට නායකත්වය දුන් ඇබට්  සිය ස්ථාවරය  ගොඩ නගාගෙන තිබිණි. දශක තුනක කාල සීමාව ඇතුළත ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම නායකයා කෙවින් රඩ් බවට 2010 දී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබිණි. එහෙත් වෙළෙඳ උපක්‍රම හා පතල් බදු සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග පක්ෂය තුළින්ම ඔහුට විරෝධතාවක් එල්ල වීමට හේතු විය. එහි අවසන් ප්‍රතිඵලය  වූයේ ඔහුගේ දෙවැනියාව සිටි ජුලියා ගිලාඩ් පක්ෂ නායකත්වයට පැමිණ අගමැති පුටුවේ  වාඩි වීමයි. එහෙත් 2013 ජූලි මාසයේදී යළිත් පක්ෂයේ සහය දිනාගනිමින්  නායකත්වයට  ඒමට ඔහුට හැකිවිය.   මෙවර ඔහු තුළ ඒ වාසනාව රැඳී  තිබුණේ මාස කිහිපයක් පමණි.   යළි අගමැති පුටුව භාරදී ගෙදර යාමට ඔහුට සිදුවිය. ඕස්ට්‍රේලියාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හා සංක්‍රමණික ගැටලුව මේ වෙනසට ප්‍රබල හේතුවක් වී තිබේ. මේ අතර ටෝනි ඇබට් තුළ ඇති කෙළින් කතා කිරීමේ පිළිවෙත බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට හේතුවක් වී ඇති සෙයක් පෙනේ. ඒ නිසාම “Tear-down Tony” යන අන්වර්ථ නමින්ද ඔහුව හඳුන්වයි. කෙසේ වුවද  ටෝනි ඇබට් තවත් කෙවින් රඩ් කෙනෙකු හෝ ‍ලේබර් පක්ෂ නායකයෙක් නොවනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසාම  ටෝනි ඇබට් යුගයේ පහස විඳීමට ඕස්ට්‍රේලියානුවෝ  මෙන්ම ලෝක ප්‍රජාවද බලා හිඳිති.
ර‍ෂේමි ජයසේකර

වත්මන් ටෙලි නාට්‍ය මගින් සංසිඳෙන්නේ කතුන්ගේ ඕපාදූප අවශ්‍යතාවයද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
 
ටෙලි නාට්‍ය නැරඹීමේදී පුරුෂ පක්ෂය අභිභවමින් කාන්තාව පෙරමුණ ගෙන තිබිම ගම්බද නගරබද වෙනසක් නැතිව දැකගත හැකි දෙයකි. කාන්තාව එලෙස ටෙලි නාට්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වද්දී පුරුෂ පාර්ශ්වය ක්‍රියාදාම, රහස් පරීක්ෂක කතා හා ක්‍රිකට් තරග වැනි දෑ නැරඹීමට වැඩි කැමැත්තක් දක්වති. මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වය අතර මත ගැටුම් පවා ඇති කරවීමට හේතුවක් බවටද පත්වේ.
මුල් යුගයේ සතියකට වරක් පමණක් විකාශය වූ ටෙලි නාට්‍ය අද වන විට සතියේ දින පහ පුරාම පාහේ විකාශය වේ. විවිධ නාලිකාවන් ඔස්සේ එවැනි ටෙලි නාට්‍ය තුන හතරක් එක දිගට නැරඹීමට හුරු වූ කාන්තාවකට ඒ වෙනුවෙන් දවසේ පැය විසි හතරෙන් පැය දෙක තුනක් වත් කැප කිරීමට සිදුවේ. එක් එක් නාලිකා ඔස්සේ විවිධ ස්වරූප ගත් ටෙලි නාට්‍ය ප්‍රචාරය වූවාට ඒ බොහෝ නාටක තුළින් පිළිබිඹු වන්නේ එදිනෙදා ජන ජීවිතය හා බැඳුණු අර්බුද, මත ගැටුම්, ආදරය, වෛරය වැනි  සාමාන්‍ය සහ සුලබ සංසිද්ධීන්ය. r3-1

මේ ආකාරයට පිරිමින්ට වඩා කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීමේදී ඉදිරියෙන් සිටින්නට බලපාන හේතු සාධකද බොහෝය.
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර ටෙලි නාට්‍ය බලන්නේ ඇයි ?
ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාවක් දැකගත හැකිය. ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වන්නට නරඹන්නා අපේක්ෂා කරන රැල්ල තුළ පැවතීම අත්‍යවශ්‍යවේ. මෙහිදී වැඩිපුර ටෙලි නාට්‍ය නරඹන කාන්තාවගේ ආකර්ෂණය
ටෙලි නාට්‍යයක් වෙත යොමු වීමට නම් පෙර කී ඇගේ නැඹුරුතාවය ඊට යොමු වීම අවශ්‍යය. මෙහිදීද කාන්තාව කේන්ද්‍ර කොටගත් හා ඇය එදිනෙදා ගෘහ ජීවිතයේදී හා සමාජය තුළදී මුහුණ පාන නොයෙක් අර්බුද, ගැටලු දුක, සතුට, පිළිබිඹු වන ඒවා වීම ඇය ඊට යොමු කරවන්නට ඉවහල්වේ.

“හරියට මගේ ජීවිතේ වගේමයි එයාට වෙන්නෙත් මට සිද්ධවෙන දේවල්මයි“ආදී වශයෙන් ටෙලි නාට්‍යයේ චරිත මුහුණ දෙන අත්දැකීම් තමන්ගේ ජීවිතයට සමාන වීම තුළ කාන්තාව එම නාට්‍යය තමන්ගේ දෙයක් බවට පත්කර ගනී. මෙම විඥානය දැඩි සේ ග්‍රහණය කරගත් ටෙලි නාට්‍යකරුවා ද තව තවත් ඇය ඇද බැඳ තබා ගන්නා ආකාරයේ ටෙලි නාට්‍යයන්ම ඉදිරිපත් කරති. වටපිටාව ගැන වැඩිපුර සංවේදී කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීම තුළින් එම මානසික අවශ්‍යතාවය සපුරා ගනීතමන් ජීවත්වන පරිසරයේ සිදුවන දෙය පිළිබඳ විමසිල්ලෙන් හිඳීම අතීතයේ පටන් කාන්තාව තුළින් පිළිබිඹු වූවකි. එදා ගමේ ඇළ, දොළ, ළිඳ ළඟ, ගම්මැද්දේ යමින් කාන්තාව මෙම මානසික අවශ්‍යතාව සපුරාගත් ආකාරය පිළිබඳ පවතින පුවත් එතරම්ම සුබවාදී නොවේ. ජීව විද්‍යාත්මකව හෙළි කරගෙන ඇති ආකාරයට පිරිමියාට වඩා කාන්තාව කෙරෙන් මෙම වටපිටාව පිළිබඳ සංවේදී වීමේ වැඩි බව සංස්කෘතිය හා බද්ධව පවතින්නකි. ඒ නිසාම කොතරම් සමාජයේ සැරිසරන පිරිමියකු වුවද අවට සිදුවන දේ පිළිබඳව දැන ගැනීමට යොමුවන්නේ කාන්තාව වෙතය. අවට සිදුවන දේ දැන ගැනීමට කාන්තාවක් තුළ ස්වභාවයෙන්ම පවතින කුතුහලය තුළ ඇය එවැනි බොහෝ දේ ග්‍රහණය කර ගැනීමට සමත්වේ. ඇය සතු මෙම විමර්ශනශීලි බව පිරිමින් අභිබවමින් ඕපාදූප සෙවීම දක්වාම කාන්තාව යොමුකර වූ බවක් පෙනෙන්නට තිබිණ.
අද ටෙලි නාට්‍ය කාන්තාවන් සතු ඕපාදූප සෙවීමේ කුතුහලය හීන කර තිබේ

අද ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාව ද එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය තුළ සිදුවන දේවල්වලට ප්‍රතිනිර්මාණයක් බව පෙනෙන්ට තිබේ. එකි’නෙකාගේ පවුල් අතර සිදුවන හැල හැප්පීම්, අර්බුද, පෙම්පලහිලව් ඒ ඒ ජීවිතවල ඇතුලාන්තය ගෙන හැර පෑම් ආදිය කාන්තාව එදා ඕපාදූප සෙවීමෙන් සපුරාගත් මානසික අවශ්‍යතාවයට සපුරාලීමකි. ඒ අනුව ඇයට වටපිටාවේ සැරිසරමින්, එකි’නෙකාගෙන් විමසමින් අවට සිදුවන දේ පිළිබඳව සොයා බැලීමේ මානසික අවශ්‍යතාවය නිවස තුළ ඇති රූපවාහිනිය තුළින් සැපිරිණි. ටෙලි නාට්‍ය තුළින් එදිනෙදා ජන ජීවිතය තුළ ඇතුලාන්තය ඒ ආකාරයෙන්ම ගෙන හැර පාද්දී ඒ තුළින් ලබන මානසික සංහිඳියාව ඇයට ප්‍රමාණවත් විය. තවත් පැත්තකින් වැඩි කාල පරාසයක් රූපවාහිනිය නැරඹීමට කැප කිරීම තුළ පැන නගින කාලය පිළිබඳ ගැටලුවද ඇය වෙනත් දේ වෙත යොමු කරවන්නට බාධාවක් බවට පත්ව තිබේ. ඒ අනුව වර්තමාන ටෙලි නාටකයන්ට පින්සිදු වන්නට අද කාන්තාව ඕපාදූප සොයන්නියගේ භූමිකාවෙන් ටිකෙන් ටික අත්මිදෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
උත්පලා සුභාෂිණී ජයසේකර

තාලිබාන් වෙඩි උණ්ඩ මැද නැගී සිටින දිරිය දියණිය මලාලා යුසුෆ්සායි

8-1මලාලා උපත ලැබුවේ 1997 ජූලි 12 වන දින පාකිස්තානයේ ස්වැට් නිම්නයේ සුන්නි මුස්ලිම් පවුලක වැඩිමහල් දියණිය ලෙසිනි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඇගේ පියා සියවුදීන් යුසුෆ්සායි ය.  මලාලාගේ ළමා විය ගෙවුණේ 2004 වසරේ අල්-ඛයිඩා සංවිධානයේ සාමාජිකයින් සොයා ඇමෙරිකානු හමුදා හා පාකිස්තානු රජයේ හමුදා පටන්ගත් මෙහෙයුමෙන් ආරම්භ වූ වයඹ දිග පාකිස්තානයේ අභ්‍යන්තර යුද්ධයකට මැදිවය. 2009 වසර ආරම්භයේදී පාකිස්තානු ජාතික බි.බි.සී. වාර්තාකරු අබ්දුල් හායි කන්තර් එවකට තාලිබාන් හමුදා පාලනය යටතේ පැවැති ස්වැට් ප්‍රාන්තයේ ජන ජීවිතය පිළිබඳ වාර්තාවක් ලිවීමට අදහස් කළේය. ඔහුට අවශ්‍ය වූයේ තාලිබාන් පාලනයට යටත්ව වෙසෙන අයෙකු ලවා එම තැනැත්තාගේ සැබෑ අත්දැකීම් අනුසාරයෙන් වාර්තා සැපයීමටය. එබැවින් අබ්දුල් හායි සියවුදීන් යුසුෆ්සායි ගෙන් ඔහුගේ පාස‍ලේ ළමයෙකු ලවා එබඳු වාර්තා සකස් කළ නොහැකි දැයි ඇසුවේය. (සියවුදීන් පෞද්ගලික පාසල් ගණනාවක හිමිකරුවෙකු මෙන්ම කවියෙකු හා අධ්‍යාපනඥයෙකු ද විය.) මුලින් ඔහුගේ පාසලක අයිෂා නම් ගැහැනු ළමයෙකු එම කටයුත්තට කැමැත්ත පළ කළද තාලිබාන් හමුදාවෙන් ලැබිය හැකි දඬුවම්වලට බියෙන් ඇගේ දෙමාපියන් ඇයව එයින් ඉවත් කර ගත්හ. එවකට සියවුදීන්ගේ දියණිය මලාලා 7වන පන්තියේ ඉගෙනුම ලැබූ එකොළොස් (11) වියැති ළාබාල දැරියකව සිටියද ඇය හැර එම කටයුත්ත භාර ගැනීමට ඉදිරිපත් වීමට කිසිවෙකුත් නොවූයෙන් ඇය සිය කැමැත්තෙන්ම එම කටයුත්ත භාර ගත්තාය. 
 
 සියවුදීන්ට අනුව ඔහුගේ දියණිය සුවිශේෂී දැරියකි. ඇය මුලින්ම කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ 2008 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඒ ඇගේ පියා ඇයව පේෂාවර් හි ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ සංගමයේ රැස්වීමට රැගෙන ගිය අවස්ථාවේදීය. රැස්ව සිටි සභාව අමතා “කිසිදු බියක් සැකක් නැතිව තාලිබාන්වරු මගේ අධ්‍යාපනයට ඇති අයිතිය පැහැර ගත්තේ කෙසේද?” යි විමසමින් කළ කතාවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි. එවකට ඇය ජීවත් වූ ස්වැට් නිම්න දිස්ත්‍රික්කය, මවුලානා ෆස්ලූලාගේ නායකත්වය යටතේ පැවැති තාලිබාන් හමුදා පාලනය යටතට පත්ව තිබිණ. ඔවුහු එහි සාමාන්‍ය වැසියාට සංගීතය හා රූපවාහිනිය නැරඹීමටද ගැහැනු ළමුන්ට පාසල් යාමද, කාන්තාවනට සාප්පු සවාරිද තහනම් කොට තිබුණි. වරින් වර හිස ගසා දමනු ලැබූ පාකිස්තානු රජයේ ‍පොලිස් නිලධාරීන්ගේ සිරුරු නගර මධ්‍යයෙහි එල්ලා තිබෙනු දැකිය හැකිවිය. බාලිකා පාසල් සියල්ලම පාහේ වසා දමා තිබුණි. තම පියාගේද අනුමැතිය ඇතිව මලාලා 2009 ජන. 03 වන දින ඇගේ පළමු වාර්තාව බිබිසීය වෙත යැව්වාය. පැවැති තත්ත්වය යටතේ මලාලාගේ ජීවිතය අනතුරට හෙළනු නොහැකි බැවින් බිබිසී කර්තෘවරු මලාලාට ආරූඪ නමකින් වාර්තා සපයන්නැයි යෝජනා කළහ. එබැවින් ඇය ගුල් මකායි (තිරිඟු මල යන අරුත ඇති) යන ආරූඪ නමින් වාර්තා සැපයුවාය.
 ඇගේ බිබිසී යට වාර්තා සැපයීම අවසන් වූ පසු නිව්යෝක් ටයිම්ස් වාර්තාකරු ඇඩම් බි එලික් මලාලා හා ඇගේ පියා පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීය. එයින් පසු විද්‍යුත් මාධ්‍ය ගණනාවකම ඇය සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගි වූවාය. 2009 දෙසැම්බර් වන විට ගුල් මකායි (ට්භත ර්චඬචඪ) යනු මලාලා යුසුෆ්සායි බව අනාවරණය වී තිබුණෙන් ඇය ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින් කාන්තා අධ්‍යාපනය පිළිබඳව
හඬ නැගුවාය.
8-2
මලාලා ටිකින් ටික ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇගේ ජීවිතයට තර්ජන එල්ල වන්නට විය. පුවත්පත් මගින් හා අන්තර්ජාලය ඔස්සේද නිවසට ලැබුණු ලිපි මගින්ද ඇයට මරණ තර්ජන එල්ලවන්නට විය. මේ කිසිවකිනුත් පළක් නොවූ තැන 2012 වසරේ අග භාගයේදී තාලිබාන් නායකයින් එක් රැස්ව මලාලා ඝාතනය කළ යුතුයි. ඒකමතිකව තීරණය කළහ.

ඒ අනුව 2012 ඔක්. 09 වන දින විභාගයක් අවසන්ව ආපසු බස්රියෙන් නිවස බලා එමින් සිටි මලාලාට වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් හිසට වෙඩි තබන ලදී. වෙඩි උණ්ඩය ඇගේ හිසෙහි හා බෙල්ලෙහි පැත්තක් පසාරු කරගෙන ගොස් උරහිසේ වැදී නතර විය.
වෙඩි වැදීමෙන් පසු පේෂාවර් හි හමුදා රෝහලක් වෙත ගෙන එනු ලැබූ මලාලාට පැය 03ක හදිසි සැත්කමක් කරන ලදී. දින කිහිපයකට පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔක්.15 ඇයව එක්සත් රාජධානියේ බර්මිංහැම් හි ක්වීන් එලිසබෙත් රෝහල වෙත රැගෙන එන ලද්දේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ හා ඇගේ දෙමාපියන්ගේ ද කැමැත්ත ඇතිවය.
එහිදී සම්පූර්ණ සුවය ලද මලාලා මේ වසරේ ජූලි 12 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සමුළුවටද සහභාගි වූවාය.
 එහිදී සමුළුව ඇමැතූ ඇය මෙසේ පැවැසුවාය. ත්‍රස්තවාදී අන්තවාදීන් ‍පොත්පත්වලට හා පෑනට බියක් දක්වයි. අධ්‍යාපනය ඔවුන්ව බියපත් කරවයි. එසේම ඔවුන් කාන්තාවන්ගේ ශක්තියටද බයය. ඒ ඔවුන් ලොව පුරා නූගත් බවට දිළිඳු බවට හා ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින නිසාය.එබැවින් අපි අපේ ‍පොත් සහ පෑන් අතට ගනිමු. අප සතු ප්‍රබලම අවි ආයුධ ඒවාය. මන්ද ගුරුවරයෙකුට, ‍පොතකට හා පෑනකට මුළු ලෝකයක් වෙනස් කළ හැකි නිසාය.
 මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා දින 3කට පසු ජූලි 15 වැනිදා තාලිබාන් සටන්කාමියෙකු වන අද්ගන් රෂීඩ් විසින් මලාලා වෙතට ලියූ ලිපියක් ජූලි 17 වනදා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරිනි. එහි මෙසේ සටහන්ව තිබුණි.
“තාලිබාන්වරු ඔබව ඝාතනය කිරීමට සැරසුනේ ඔබ පාසල් ගිය නිසා හෝ අධ්‍යාපනයට ලොල් වූ නිසා නොවේ. තාලිබාන් හෝ මුජහිදීන්වරු කිසි විටෙකත් පිරිමි හෝ ගැහැනු ළමුන් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ නැත. අප ඔබට පහර දුන්නේ ඔබ අප සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තරයට ලියූ නිසාය. ඔබ අප ජීවත්වන ස්වැට් ප්‍රදේශයේ ඉස්ලාම් ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමට අප ගන්නා උත්සාහයට අවඥාකරමින් එය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහය නිසාය. ඔබ ලියන ලද දේ අපට විරුද්ධව ජාත්‍යන්තරය උසිගන්වන සුළු ඒවා නිසාය.”
“එක්සත් ජාතීන්ගේ තරුණ සමුළුවේදී ඔබ කළ කතාව අනෙකුත් ජාතීන්ට විශාල බලපෑමක් කළේය. පෑන කඩුවට වඩා බලවත් යැයි ඔබ සඳහන් කළේය. එසේ නම් වචන කඩුවට වඩා ඉතා බලවත් බවත් කඩුවෙන් වන තුවාලය සුවකළ හැකි වුවත් වචනවලින් සිදුවන තුවාලය කෙසේවෙතත් සුවකළ නොහැකි බවත් යුද්ධයකදී සිදුකරෙන කතා ලොව අන් කිසිදු ආයුධයකින් සිදුකරන විනාශයට වඩා බරපතළ විනාශ සිදුකරන බවත් මතක තබාගන්න.”
 “මම ඔබට ආපසු මව් රටට විත් ඉස්ලාම් සංස්කෘතියට අනුව හැඩ ගැසෙන්නැයි අවවාද කරමි. කුරාණය හදාරන්න. මුස්ලිම් ජාතියට සිදුවී ඇති විපත අවබෝධ කරගෙන ‘සාමූහික නව ලොවක්’ යන තේමා පාඨයට මුවා වෙමින් බටහිර ජාතීන් ඇතිකරගෙන සිටින දුෂ්ට බලවේගවලට අප ජාතිය පාවා දීමට ඔබලා කළ කුමන්ත්‍රණය හෙළි කරන්නැයි ද ඉල්ලා සිටිමි.”
 එසේ වුවත් මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාවේදී පවසා සිටියේ මෙබඳු අදහස්ය.
“මා මෙහි නැගී සිටින්නේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය ගැන කතා කිරීමටය. එසේ නැතිව තාලිබාන් සංවිධානයට එරෙහිව මගේ පෞද්ගලික හැඟීම් ප්‍රකාශ කිරීම නොවේ. තාලිබාන් හා අනෙකුත් අන්තවාදී සංවිධානවල සාමාජිකයන්ගේ දූ පුතුන්ටද හොඳ අධ්‍යාපනයක් ලැබෙනු දැකීම මගේ අභිප්‍රායයි. මා මට වෙඩි තැබූ ප්‍රබලයාට වෛර නොකරමි. මා අත ගිනි අවියක්ද මා ඉදිරියේ මට වෙඩි තැබූ පුද්ගලයාද සිටියේ වුව මම ඔහුට වෙඩි නොතබමි. මහත්මා ගාන්ධි, බාද් ශා ඛාන් හා තෙරේසා මවුතුමියගේ අවිහිංසාවාදී දර්ශනයෙන් මා උගත් දේ එයයි.

මා වෙත එල්ල වූ වෙඩි උණ්ඩයෙන් මගේ අරමුණ, මතු බලා‍පොරොත්තු වෙනස් කළ හැකියැයි ත්‍රස්තවාදීන් සිතුවේ නම් ඔවුන් වැරදිය. සිදුවූ එකම වෙනස මා තුළ යම් මානසික දුර්වල බවක් බියක් හා බලා‍පොරොත්තු රහිත බවක් වී නම් ඒ හැඟීම් මිය ගොස් ඒ වෙනුවට අලුත් ශක්තියක් බලයක් හා 8-3ධෛර්යක් මා තුළ හට ගැනීමය.”
 සමුළුව අමතා මලාලා කළ කතාව ලෝකයේ අනෙක් රටවල නොමඳ ප්‍රශංසාවට ලක්වුවද පාකිස්තානු රජය මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියේය. මලාලාගේ මව්බිමේ සමහර මාධ්‍ය බටහිර ජාතීන්ගෙන් ඇය ලබන මේ කීර්තිය හා ප්‍රසිද්ධිය දකින්නේ වෙනස් ආකාරයකිනි. ඔවුන් පවසන අන්දමට සෑම ළමයෙකුම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය සුරැකීමට මලාලා ගෙන යන ව්‍යාපාරය බටහිර උවමනා එපාකම් අනුව සකස් කෙරුනු වැඩපිළිවෙළකි. ඔවුන් මලාලාට මේ සා ප්‍රසිද්ධියක් අත්කර දීමෙන් බලා‍පොරොත්තු වන්නේ පාකිස්තානු ළමා පරපුරේ මානසික සංවර්ධනය නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් (විශේෂයෙන්ම ඇමෙරිකානු හමුදා මගින් සිදුකළ ගුවන් ප්‍රහාර) වලට ගොදුරු වූ අනෙකුත් අහිංසක ජනතාව පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය වෙනතකට යොමු කිරීමය.

 2013 මාර්තු මස සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන්ගේ යෝජිත නම් අතරට එක්වීමට තරම් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් මලාලා, ඛිඒ සංවිධානයේ ඔත්තුකාරියකැයි චෝදනා ලැබිමටත් තම මව්බිමෙන් ගැරහුම් ලැබිමටත් ලක්වූයේ ඇයි. පාකිස්තානු මාධ්‍යකරුවෙකු වන අසාද් බෙයිග් පවසන අන්දමට මලාලා කිසි විටෙකත් බටහිර විවේචනය නොකළාය. ඇය කිසිවිටෙකත් ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර මගින් මියයන අහිංසක සාමාන්‍ය ජනතාව ගැන කතා නොකළාය. ඇයට වෙඩි තැබිමේ සිද්ධිය තාලිබාන් සංවිධානය අපකීර්තියට ලක් කිරීමක්වත්, ඛිඒ සංවිධානය මගින් කළ රඟදැක්වීමකැයි පාකිස්තානු ජනතාවට ඒත්තු ගැන්වීමටත් තාලිබාන්වරුනට අවස්ථාවක් ලබා දීමට තරම් ඉඩ නොදී මලාලා බටහිර ක්‍රියා සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළාය. එබැවින් තමන් කළ වැරදි සාධාරණීයකරණය කර ගැනීමට බටහිරට ලැබුණු හොඳම ඉත්තා මලාලාය.

නූතන යුගයේ සිදුකළ යකුන් දුරු කිරීම්වල මතකයෙන්...

10-1
යක්ෂයෙක් නැතහොත් මිනිස් සිරුරට අරක් ගත් අමනුෂ්‍ය ආත්මයන් හා නපුරු බලවේගයන් දුරුකිරීම අද ඊයෙක සිට නොව ඈත අතීතයේ සිට සිදුවූවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් මෙබඳු අමනුෂ්‍ය ආත්මයන්ගෙන් පීඩා විඳිමින් සිටියවුන් සුව කළ අවස්ථා පිළිබඳව බයිබලයේද ඕනෑ තරම් හමුවේ. එසේම විවිධ ගෝත්‍රික ජන කොට්ඨාසයන් අතර යක්ෂයන් දුරු කිරීම සඳහා විවිධාකාරයේ වත්පිළිවෙත් භාවිතා වේ. එබඳු සිදුවීමක් තේමා කර ගනිමින් නිපැදවුණු ‘යකැදුරා’ නොහොත් ‘‘The Exorcist‘‘ නමැති චිත්‍රපටය නැරඹූවන්ට බඹරයක් මෙන් කරකැවෙන හිසකින් යුතු වූද බහුභාෂාවේදියකු ඉක්මවූ නිපුණත්වයකින් යුතුව විවිධ භාෂා ගණනාවකින් එක්සත් ජාතීන්ගේ සැසියක් ඇමතූ ලින්ඩා බ්ලෙයාර් අමතක වන්නට හේතුවක් නැත. මෙම ලිපියෙන් ඔබ හමුවට ගෙන එනුයේ සැබෑ ලෝකයේදී සිදුවූ එබඳු යකුන් දුරු කිරීමේ අවස්ථා කීපයක් පිළිබඳ ගත කිළි‍පොළන විස්තරයකි.
කැමිල් සීනුත් 2005 වසරේදී ‘පැටී්‍රෂියා ඇල්ව්ස්’ නමැත්තිය දස වසරකට සිරගෙට නියම වන ලද්දේ ගයනාවේ ජෝර්ජ් මවුත් හි විසූ කැමිල් සීනුත් නමැත්තිය අත්වැරදීමකින් ඝාතනය කිරීම හේතුවෙනි. යකුන් දුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු කාන්තාවක වූ ඇල්ව්ස් විසින් පවත්වාගෙන යනු ලැබූ ‘භූත දේවස්ථානයට’ නිතිපතා සෙනඟ විශේෂයෙන්ම කාන්තාවන් ඇදී එන ලද්දේ අප්‍රිකානු හෝ හින්දු සම්ප්‍රදායානුකූලව යකුන් දුරු කර ගැනීම සඳහායි. මෙබඳු අවස්ථාවලදී අමනුෂ්‍ය ආත්මයන් පලවා හැරීම සඳහා යාච්ඤා මෙහෙයන් සේම යක්ෂයා ආරූඪ වී සිටින තැනැත්තාගේ සිරුරට පහරදීමද සිදුකෙරුනු අතර කැමිල් සම්බන්ධ සිද්ධියේදී ඇය අවාසනාවන්ත ලෙස එම පහරදීම්වලින් මියගියාය. සිය අත්වැරදීම 10-2ලෝකයාගෙන් සඟවා ගැනීම සඳහා ඇල්ව්ස් මළසිරුර හොර රහසේම වළලා
දැමුවද ඇගේ අපරාධය නීතියෙන් සැඟවීමට හැකි වූයේ නැත.
පාප්තුමන්ට අභියෝග කළ තරුණිය රෝමයේ වතිකානුවේ සිටින යකුන් දුරුකිරීමේ නිල බලතල ලත් තැනැත්තා ලෙස සැලකෙන ගේබ්‍රියල් ඇමෝත් දේව ගැතිතුමන් විසින් මේ වනවිට අමනුෂ්‍ය ආත්මයන් දුරු කළ වාර ගණන එක්ලක්ෂ හැට දහසකට අධික බව පැවසේ. නමුත් 2000 වසරේදී II වන ජුවාම් පාවුළු පාප්තුමන්ගේ ආධාරයද ඇතිව වතිකානුව තුළදී අමනුෂ්‍ය ආත්මයක් අරක් ගත් දහනව හැවිරිදි තරුණියක සුව කිරීමට ගේබ්‍රියල් පාප්තුමන් දැරූ උත්සහය ඒ කිසිවකට සම කළ නොහැකි බව පැවසේ. පාප්තුමන් හමු වූ අවස්ථාවේදී උන්වහන්සේට දැඩි කෝපයෙන් යුතුව පරිභව කිරීමට පටන් ගත් මෙම දැරිය සමග පැය භාගයක කාලයක් උන්වහන්සේ ගත කළද ඇයට අරක්ගෙන සිටි අමනුෂ්‍ය ආත්මය නොහොත් සාතන් ඇගේ සිරුරින් ඉවත් කිරීමට හෝ තමාට අවනත කර ගැනීමට උන්වහන්සේට නොහැකි වූ බව පැකිළීමෙන් යුතුව වුවද කිව යුතුය. පරාජය භාර ගනිමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් දැරිය අසලින් ඉවත්ව යන කළ “පල්ලියේ ප්‍රධානියාටවත් මා පලවා හැරිය නොහැකි” යැයි කියා වහසිබස් දෙඩීමට තරම් එම අමනුෂ්‍ය බලවේගය එඩිතර වී තිබිණි.

ජැනට් මෝසස්
2007 වසරේදී නවසීලන්තයේ විසූ ‘ජැනට් මෝසස්’ නමැති ළාබාල දැරිය අවාසනාවන්ත ලෙස මියයන ලද්දේ ඇගේ පවු‍ලේ සාමාජිකයින් විසින් ඇගේ සිරුරට අරක් ගෙන සිටි අමනුෂ්‍ය බලවේගය ඉවත් කිරීමට දැරූ උත්සහයේදී දියේ ගිලීමෙනි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් නව දෙනකුට චෝදනා එල්ලවුවද සැබැවින්ම එහිදී සිදුව තිබුණේ දැරිය තුළ සිටි යක්ෂයා පලවා හැරීම සඳහා කළ ‘මෙකුටු’ ලෙස හැඳින්වුණු මඕරිවරුන්ගේ යකුන් සාම්ප්‍රදායික පිළිවෙත නොසිතූ ලෙස වැරදී යාමය.සාම්ප්‍රදායික මඕරි මන්ත්‍ර ජප කිරීම් භාවිතයෙන් දැරිය සුව කිරීමට නොහැකි වූ කල් හි ඇගේ පවු‍ලේ සාමාජිකයින් ඇය වෙත ජල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති අතර තෙදිනක් පුරා අඛණ්ඩව සිදුකෙරුන මෙම ජල කෙළිය අවසානයේදී පිළිවෙත සිදුකළ කාමරය ජලයෙන් යටවී ගොස් තිබුණේ දැරියගේ ජීවිතයද තොර කරමිනි. දැරියව වෙලාගනු ලැබ තිබුණේ ඊට කලකට පෙරදී මියගිය ඇගේ මිත්තණියගේ ආත්මය විසින් බවට කියැවුණද එය තහවුරු කර ගැනීමට හැකිවූයේ නැත.

සැල්වදෝර් ඩාලි
සුප්‍රකට කලාකරුවකු වන සැල්වදෝර් ඩාලිද සිය සිරුරට අරක් ගත් භූතාත්මයන් පලවා හැරීමේ පිළිවෙතකට මුහුණ දුන් අයකු බව දැන ගැනීම පුදුමයට කරුණක් වනු ඇත.
ඩාලිගේ මිතුරකු වූ ‘ගේබ්‍රියල් මරිකා බෙරාඩි’ නමැති දේවගැතිවරයා විසින් සිදුකරන ලද බව කියැවෙන මෙම යකුන් දුරු කිරීම සනාථ කිරීම සඳහා බෙරාඩි විසින් ඉදිරිපත් කරන ලද්දේ තම සේවයට කෘතවේදීත්වය දැක්වීම උදෙසා ඩාලි විසින් ඔහුට ලබාදී තිබුණු අගනා කුරුසියකි. මෙම කුරුසිය ඩාලි විසින්ම නිමවන ලද්දක් බව කලා විශේෂඥයින් දෙදෙනකු විසින් කළ පර්යේෂණයකින්ද තහවුරු වී තිබිණි. සිය ආගමික නිකායෙන් බෙරාඩි නෙරපා හරිනු ලැබිමෙන් පසුව ඩාලි හට ඔහුව හමුවන ලද්දේ ප්‍රංශයේදී වන අතර යකුන් පලවා හැරීමේ සිද්ධිය සිදුවී ඇත්තේ 1947 වසරේදී ප්‍රංශයේදී බවට සැලකේ.
මරිෂියා අයිරිනා කෝනිෂි
2005 වසරේදී එවකට විසිතුන් හැවිරිදි වියේ පසු වූ මරිෂියා අයිරිනා කෝනිෂි රුමේනියාවේ පිටිසරබඳ පෙදෙසක පිහිටි ඔර්තෝඩොක්ස් තාපසාරාමය වෙත සංචාරයක නියැළෙන ලද්දේ එහි සිටි සිය සොහොයුරා වූ ‘ටනාකු’ දැක බලා සුවදුක් විමසීම සඳහායි. එහිදී ඇය සහභාගි වූ දේව මෙහෙයන් අතරතුරදී සාමාන්‍ය හැසිරීම් ප්‍රකට කළ ඈ අස්වාභාවික ලෙස නොනවත්වා සිනහ වීමටත් දැඟලීමටත් පටන් ගත් අතර මානසික වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බවය. එනමුත් දේවස්ථානයේ සැදැහැවත් පියතුමන් වූ ‘කොරොජිනු’ එකී වෛද්‍ය මතය පිළිගැනීමට මැලිවූවා පමණක් නොව මරිෂියාගේ සිරුරට අද්භූත ආත්මයක් අරක් ගෙන ඇති බවට තරයේ කියා සිටි ඔහු ආරාමයේ සිටි තවත් කන්‍යා සොහොයුරියන් කිහිප දෙනකුගේද ආධාරය ඇතිව මරිෂියාට දස වද දෙන ලද්දේ එම අමනුෂ්‍ය ආත්මය දුරු කර දැමීම සඳහාය. අසරණ තරුණිය කුරුසියකට තබා බැඳ දැමූ ඔවුහු ඇගේ මුව තුළට රෙදි කැබලි ඔබා දින ගණනක් ‍ලේ මිදෙන ශීතලකින් යුතු කාමරයක හුදකලා කොට තැබූ අතර අවසානයේදී අශුද්ධ ආත්මය කෙසේවතුදු අසරණ තරුණියගේ ජීවිතය මෙලොවින් තුරන් වී තිබිණි. මිනීමැරීමට එරෙහිව කොරොජිනු දේවගැතිවරයාද ප්‍රමුඛ කන්‍යා සොහොයුරියන් සිව් දෙනකුට දාහතර වසරක් සිර දඬුවම් හිමිවූ අතර ආරාමය වසා දැමිණි.

ක්ලාරා ජර්මානා කෝල්
1906 දී දකුණු අප්‍රිකාවේ උම්සින්ටෝ ප්‍රදේශයේදී ඉරාස්මුස් හෝනර් නමැති පියතුමා හට ඉතා අසාමාන්‍ය ආකාරයේ පා‍පොච්චාරණයකට සවන් දීමට සිදුවිය. සිව් අවුරුදු වියේ සිට මේරියන් හිල් නමැති සංඝයේ ක්‍රියාකාරී කතෝලික සාමාජිකාවක ලෙස සිටි ක්ලාරා ජර්මානා කෝල් නමැති තරුණිය හෝනර් පියතුමා ඉදිරියේ පා‍පොච්චාරණය කරමින් කියා සිටින ලද්දේ තමන් යක්ෂයා සමග ගිවිසුමකට එළැඹි බවයි. මුලදී මෙය ක්ලාරාගේ හුදු ප්‍රලාපයක් ලෙස සිතා පියතුමන් විසින් නොසලකා හරිනු ලැබුවද නොබෝ දිනකින්ම ක්ලාරාගේ හැසිරීමේ කැපී පෙනෙන වෙනසක් ආරාමයේ කාටත් දැකගත හැකිවිය. තමන් හැඳ සිටින ඇඳුම් ඉරා දැමූ ඇය කිසිවකුටත් නොතේරෙන තමන් ඊට පෙර කිසිදිනක හෝ දැන නොසිටි භාෂාවන්ගෙන් මන:කල්පිත පුද්ගලයන්ට කතා කිරීමටත් ආරාමයේ සිටින කන්‍යා සොහොයුරියන්ට පහරදීමටත් උමතු වූවකු මෙන් වරින්වර මරහඬ තැලීමටත් පටන් ගත්තා පමණක් නොව වරක් කන්‍යා සොහොයුරියක් සපා කෑමට පවා පෙළැඹුණාය. හෝනර් පියතුමන් විසින් සාර්ථක ලෙස ක්ලාරා තුළ පෙරළි කළ අශුද්ධාත්මය
පළවා හැරීමට සමත් වූ අතර එහිදී ඇගේ සිරුර පාවීමට ලක් වූ බැව් කියැවේ.

රොබි මෑන්හයිම්
අතිශය ජනප්‍රිය වූද ප්‍රේක්ෂකයන් භීතියෙන් ලොමු දැහැගැන්වීමට සමත්වූද “ඊඩඥ ජ්යධපජඪඵබ” නමැති චිත්‍රපටයට පාදක කර ගන්නා ලද්දේ 1949 දී සිදු කෙරුනු රොබි මෑන්හයිම් නොහොත් රෝලන්ඩ් ඩෝ නමැති දහතුන් හැවිරිදි පිරිමි දරුවාගේ යකුන් දුරු කිරීමේ සිද්ධියයි. රොබිගේ මෙම අසාමාන්‍ය තත්ත්වය මුලින්ම ප්‍රකට වන ලද්දේ සිය නැන්දණියගේ හදිසි මරණයෙන් පසුව ගත වූ මාස කීපයක කාලය තුළදී භූතයන් සමග සන්නිවේදනය කිරීමට යොදා ගන්නා ‘භූත ලෑල්ල’ නොහොත් ‘ඖජා’ පුවරුවක් භාවිතා කිරීමෙන් පසුවය. සිය පුතුගේ අසාමාන්‍ය චර්යාව හා ඔහු ඇසුරු කර ගනිමින් සිදුවූ අස්වාභාවික සිදුවීම් සමුදාය තවදුරටත් ඉවසාගත නොහැකි වූ රොබිගේ දෙමාපියන් ඔහුගේ සිරුරට අරක් ගත් නපුරු බලවේගය පලවා හැරීම සඳහා ලූතර් මයිල්ස් ජුල්ස් දේවගැතිවරයාගේ සහය පැතීය. කෙසේ වූවද රොබිට අරක් ගෙන සිටි භූතයා සමග ඔට්ටු වීමට තම හැකියාව ප්‍රමාණවත් නොවන බව වටහාගත් ජුල්ස් පියතුමා රොබිව එඩ්වඩ් හි්‍යු පියතුමන් වෙත ඉදිරිපත් කළේය.

යකුන් දුරු කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී ඇඳක වූ දුන්නක් කුඩා දරුවකුට තරම් නොවන දැවැන්ත අමනුෂ්‍ය බලයක් ප්‍රදර්ශනය කරමින් ඉවතට ඇද ගත් රොබි විසින් හි්‍යු පියතුමාට ඉන් සිදුකළ තුවාලය කොතරම් දරුණු වීදයත්  ඊට මැහුම් සියයකට අධික සංඛ්‍යාවක් යෙදීමට සිදුව තිබිණි. කෙටි කාලසීමාවක විරාමයකින් පසුව යළිත් වරක් රොබි යකුන් දුරු කිරීමේ පිළිවෙතකට මුහුණ දුන් අතර එය සති හයක කාලයක් පැවැතිණි. ඇඳන් ගෘහ භාණ්ඩ දෙදරීම, බඩු භාණ්ඩවලින් දමා ගැසීම් ආදී අමනුෂ්‍ය ආත්මයක බලපෑම ප්‍රකට කෙරූ බිහිසුණු සිදුවීම් මාලාවකින් අනතුරුව රොබි යක්ෂ බලපෑමෙන් මුළුමනින්ම අත්මිඳුණි.

ඇනා එක්ලන්ඩ්
කාල් වොග්ල් දේවගැතිතුමන් විසින් රචිත “ඕඥඨධදඥ ඉචබචද” නමැති කෘතියෙන් විස්තර කෙරෙනුයේ ‘ඇනා එක්ලන්ඩ්’ නමැති යෞවනියගේ සිරුරට අරක් ගත් අමනුෂ්‍ය ආත්මය දුරු කළ අන්දමයි. 1882 දී අයෝවාහි උපන් ඇනා උපතින්ම කතෝලික බැතිමතකු වූ අතර ඇය කිසියම් නපුරු බලවේගයක බලපෑමට නතුව ඇති බවට පළමු වරට ලකුණු පහළ කරන ලද්දේ දාහතර හැවිරිදි වියේදීය. ශු. වස්තූන් පිළිකුල් කළ ඈ දේවස්ථානයට ඇතුළුවීම පවා ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව එබඳු ළාබාල වයසක පසුවන දැරියකට තරම් නොවන අන්දමේ අසැබි වදන් කියවීමටද

පෙළඹුණේ කවුරුත් පුදුමයට පත් කරමිනි. 1912 දී තියෝෆිලියස් රිසින්ගර් පියතුමන් විසින් ඇයට අරක්ගෙන සිටි අශුද්ධාත්මය පලවා හැරීමට සමත් වූවද 1928 දී ඇනා යළිත් වරක් එම භූතාත්මයේම බලපෑමට නතු වූවාය. යළිත් වරක් තියෝෆිලියස් පියතුමන් විසින් යකුන් දුරු කිරීමේ වත් පිළිවෙත් සිදුකිරීමට ඉදිරිපත් වූ අතර ඒ සඳහා තෝරා ගැනුණේ අසල පිහිටි ෆ්‍රැන්සිස්කානු නිකායික කන්‍යා සොහොයුරියන්ගේ ආරාමයකි.
විසිතුන් දිනක් මුළුල්‍ලේ සිදුකෙරුන එම යකුන් දුරු කිරීමේ සිද්ධියේදී දැරිය හැසිරෙන ලද්දේ උමතු වූවකු පරිද්දෙන් වන අතර අසාමාන්‍ය කාය ශක්තියක් ප්‍රකට කළ ඇය පාලනය කිරීමට කන්‍යා සොහොයුරියන් සය දෙනකුගේ ශක්තිය අවශ්‍යව තිබිණි. දුෂ්කරතා මධ්‍යයේ වුවද පිළිවෙත සාර්ථකව නිම වන ලද්දේ 1928 දෙසැම්බර් 23 දින එතෙක් කලක් ඇනා පීඩාවට පත් කළ නපුරු ආත්මය ඇගෙන් සඳහටම ඉවත් කරමිනි.

ඇනලිස් මයිකල්
ජර්මනියේ ක්ලින්ජස්බර්ග් ප්‍රදේශයේ විසූ දැඩි මතධාරී එමෙන්ම දැඩි ආගම් භක්තියකින් යුතු කතෝලික පවුලක දියණියක ලෙස උපන් ඇනලිස් සාමාන්‍යයෙන් ඇගේ සම වයසේ දරු දැරියන්ට වඩා චරිත ලක්ෂණ අතින් බෙහෙවින්

වෙනස් වූවාය. ඒ 1960 වකවානුව වූ අතර එවකට දාහත්වන වියේ පසු වූ ඇනලිස්ගේ සමවයසේ තරුණ තරුණියන් තාරුණ්‍යයේ නව මංපෙත් සොයා යද්දී ඇනලිස් දිනපතා දැඩි ශීතලකින් යුතු බිම නිදා ගනිමින් සිය  මවගේ පාප සඳහා වන්දි ගෙව්වාය. ඒ ඇගේ මව වූ ඇනා මයිකල් 1950 වකවානුවේදී නීත්‍යනුකූල විවාහයකින් පරිබාහිර වූ එනම් පියකු නොමැති දියණියකට උපත දීමේ පාපය වෙනුවෙනි. ඇය කිසියම් අශුද්ධ ආත්මයක බලපෑමට නතු වී ඇති බව ප්‍රකට කළ මුල්ම ලක්ෂණය වූයේ හිටිවනම පාලනය කළ නොහැකි අන්දමින් මුළු සිරුරම ගැහීමට පටන් ගැනීමයි. වෛද්‍ය නිගමනය වූයේ ඇය අපස්මාර තත්ත්වයෙන් පෙළෙන බව වුවද ඇය යාච්ඥාවන්ගේ නිරත වන කල්හි ඇයට විඳීමට සිදුවූ ශ්‍රව්‍යමයභ්‍රාන්ති (චභඤඪබධපර ඩචතතභජඪදචබඪධදඵ) වැනි ඇතැම් අස්වාභාවික තත්ත්වයන්ට ඉන් පැහැදිලි කිරීමක් නොලැබුණි. ඇයට යක්ෂ බැල්ම වැටී ඇති බවත් නිතරම ඇගේ කනට කොඳුරනු ඇයට ඇසුණු බවක් ඇය කියා සිටියාය. 1973 වන විට ඇය දරුණු විෂාද තත්ත්වයකින්ද පෙළුණාය. තම යකුන් දුරු කිරීමේ පිළිවෙතකට ලක් කරන ලෙසට ඇය ගමේ පල්ලියේ දේවගැතිවරයාගෙන් ඉල්ලා සිටියද දෙවරක්ම ඇගේ ඉල්ලීම් අවඥාවෙන් යුතුව බැහැර කොට තිබිණි.

ක්‍රමයෙන් ඇගේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු අතර සුනඛයකු මෙන් බිරීමටද මකුළුවන් ආහාරයට ගැනීමටද පමණක් නොව තමාගේම මුත්‍රා පානය කිරීම වැනි ජුගුප්සාජනක ක්‍රියාවන්ටද පෙළඹුණු ඇනලීස් දිනකට හයසිය වාරයක් දණින් වැඳ වැටීම නිසා ඇගේ දණහිස ආශ්‍රිත තන්තු පටකවලට දරුණු ලෙස හානි සිදුව තිබිණි. ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බව පැවසුවද ඇන්ලීස්ගේ පවු‍ලේ උදවිය ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය. අවසානයේදී වස්බර්ග් හි රදගුරුතුමන්ගේ ඉල්ලීම යටතේ ඇයව යකුන් දුරු කිරීමකට ලක් කළ අතර එහිදී ඇයව ‘ලුසිෆර්’, ‘ජුදාස්’, ‘ඉස්කාරියොත්’, ‘නීරෝ කායින්’ හා ඇඩොල්ෆ් හිට්ලර් යන යක්ෂ ආත්මවල බලපෑමට ලක්ව ඇති බව අනාවරණය විය. නව මසක කාලයක් පුරා ඇයව යකුන් දුරු කිරීමේ සම්මත වත් පිළිවෙත් හැට හතකට ලක් කෙරුනු අතර 1976 දී ඇය මියයන ලද්දේ ස්වකීය කැමැත්තෙන්ම උපවාසයක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සාතන්ගේ බලපෑමෙන් මිදීමටය. මරණයට වගකිව යුත්තන් ලෙස ඇගේ දෙමාපියන්ට සය වසක් බැගින් සිර දඬුවම් හිමි වුවද ඇගේ මව වාර්තා සහගත ලෙස ප්‍රකාශ කර තිබුණේ සිය දියණියට වූ විපත සම්බන්ධයෙන් තමා කනගාටු නොවන බවත් ඇය මියයන ලද්දේ නැති වූ ආත්මයන්ගේ පාපවලට වන්දි ගෙවීම සඳහා බවත්ය.
ප්‍රියන්ති රුද්‍රිගු

කුරිරු අසිරියන්වරුන්ගේ නිර්මාණ කෞශල්‍යය

අසිරියන් අධිරාජ්‍ය ඉතිහාසය වසර 300ක පමණ ඈතට දිවෙයි. වර්තමාන ඉරාකය, ඉරානය, සිරියාව, කුවේටය, රතු මුහුදෙන් බටහිර ගොඩබිම් ප්‍රදේශය දක්වා (අප්‍රිකාවේ) අසිරියන් අධිරාජ්‍ය ව්‍යාප්තව පැවතුනි. ක්‍රි.පූ. 1100 න් ආරම්භව ක්‍රි.පූ. 612 දක්වා පැවතී ඇත. ඉන්පසුව අසිරියන් අධිරාජ්‍ය බිඳ 11-1වැටෙයි. පශ්චාත් බැබිලෝනියන් අධිරාජ්‍ය බලයට එයි. එම අධිරාජ්‍යයද ක්‍රි.පූ. 539 දී අවසන් වෙයි.
ලොව පැරණි ඉතිහාසයේ ඉතාම කෲර අධිරාජ්‍යය වූයේ අසිරියන් අධිරාජ්‍යයි. ඔවුහු රණකාමී, යුද්ධයට ප්‍රිය, අරගලකාරී ජන කොට්ඨාසයක් විය. යාබද රාජ්‍යයන්, අසිරියන් අධිරාජ්‍යයට ඈඳා ගැනීමේ සටන්, සැමදා පැවතින. මේ හේතුව නිසා ඔවුන් හා සතුරු රාජ්‍යයන් බොහොමයක් විය. බලවත් යුද හමුදාවක් ඔවුන් සතුවිය. තඹ අවි ආයුධද, අශ්වාරෝහක යුද රථද ඔවුන් සතුව තිබුණි.
අසිරියන්වරුන්ගේ පළමු අධිරාජ්‍යා වූයේ ටිග්ලාත් පිලීසර්ය. (1114-1076) එවක ප්‍රකට දෙවිය කෙනෙකු වූ අෂූර්, මුළු ලොවම තම අණසකට ගැනීම සඳහා තමාට අණදී ඇතැයි ටිග්ලිත් පිලීසර් ප්‍රකාශ කර ඇත.
අසිරියන් අධිරාජ්‍යයන් අතුරෙන් බෙහෙවින් කෲර පාලකයා වූයේ  වන ඇෂුර්නසිරිපාල් අධිරාජ්‍යයාය. (ක්‍රි.පූ. 883-859) එසේ වුවද අසිරියන් අධිරාජ්‍යයින් නිර්මාණාත්මක කලාකාමීන්ය. කැටයම්, පිළිරූ චිත්‍ර ආදිය 11-2ඔවුනටම ආවේණික වූ කලා සම්ප්‍රදායක් අනුව නිර්මාණය කර ඇත. කලා නිර්මාණවල තේමාව වී ඇත්තේ යුද්ධය හා රණශූරත්වයයි.
 වන අෂුර්නසිර්පාල් අධිරාජ්‍යා සතුවූ නිම්රූඩ් රජමාලිගාවේ ස්පින්ක්ස් ආකෘතියට අනුකූලව නිමවූ “ලමාසු” නම්වූ දොරටුව අභියස වූ පිළිමය අපූරු නිර්මාණයකි. මිනිස් හිසක් හා ගව කඳක් එක්කර පාද පහකින් හිටගෙන සිටින ආකාරයෙන් අඩි 10. 2 1/2 උසට නිර්මාණය කර ඇත. එම නිර්මාණය අද දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි මෙටේ‍රා‍පොලිටන් කෞතුකාගාරයේය.

ලොව ඉතා ප්‍රසිද්ධ කැටයම් නිර්මාණයක් වූ ‘සිංහ දඩයම’ ද අද අපට දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරයේය. ඇෂුර්න සිරිපාල් රජතුමා අශ්ව කරත්තයක නැගී දුනු හී තලවලින් සිංහයකු බිමහෙලන අයුරු එම කැටය මෙන් ප්‍රදර්ශනය කෙරේ. රජතුමාගේ වීරත්වය සනිටුහන් කළේ ඒ අයුරින්ය. එම කැටයම් ඵලකය 99ජථ ය 2.54ජථ ප්‍රමාණ වේ. එය අසිරියන්වරුන්ගේ කැටයම් කලා කුසලතාවය පෙන්වීමට ඇති කදිම නිදසුනකි. ඉතා අලංකාර වූ ‘සිටි ඇටෑක්’ නම් වූ කැටයම් ඵලකයෙන් තම සතුරන් පරාජය කරන ආකාරයද ප්‍රදර්ශනය කෙරේ.  වන සාර්ගන් අසිරියන් අධිරාජ්‍යයා තම පාලන මධ්‍යස්ථානය නිම්රුඩ්හි සිට ඩ්‍රර් ෂාරක්‍රින් (වර්තමාන කොහොර්ෂබාඩ්) වෙතට ගෙන ගියේය. එහි විශාල නගර හා මාලිගා සංකීර්ණයක් නිර්මාණය කළේය. මුළු ඩුර් ෂාරුකින් නගරයම බලකොටුවකින් නුවර ආරක්ෂක පවුරකින්  වට කළේය. ආරක්ෂක මුරපළවල් පවුර වටේ පිහිටුවේය. නගරය සැලසුම් කළේය. මාලිගයද රාජකීය උද්‍යාන ඇතුළු ගොඩනැගිලි සංකීර්ණයද, යුදය, රණකාමීත්වය තේමා කරගත් කැටයම් චිත්‍ර පිළිරූ ආදියෙන් කලාත්මකව, නිර්මාණශීලීව, අලංකාර කළේය. රාජ සභා මන්දිරයට පිවිසෙන දොරටුව ඉදිරියේ  සාර්ගන් රජතුමා විසින්  ඉදිකරන ලද ලමාසු පිළිරුව අඩි 14ක් (මී. 4.26) උස මිනිස් රුවක් හා ශක්තිමත් ගව පාද සහිත කඳකින් ගොඩනැගුණු මේ පිළිරුව ඉහළට විහිදුවන ලද පියාපත් යුගලයකින්ද සරසා 11-3තිබිණ. මේ පිළිරුවට, කුර සහිත ගවපාද පහක් විය. අපූර්ව කලාත්මක නිර්මාණයක්. අද එම පිළිරුව දක්නට ඇත්තේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේය. රජ වාසලට පිවිසෙන අමුත්තන් මෙම පිළිරුව අසලින්, පසුකර යා යුතුවිය. සිංහාසනාරූඪ  රජතුමාට පෙර ඇස ගැටෙන්නේ මේ ලාමාසු දොරටු පිළිරුවටයි. අඩි 14 උසට සිටගෙන සිටින මේ පිළිරුව  මුහුණට මුහුණලා මුණගැසෙන විට පළමුවෙන් දිස්වන්නේ ගවපාද දෙකක් සහිත රාජකීය මුහුණක් සහිත මිනිස් රුවකි. පිළිරුව පසුකර යනවිට  යනවිට දක්නට ලැබෙන්නේ ඇවිදගෙන යන ගවයෙකි. මෙම පිළිරුවේ මිනිසෙක් ගවයෙක් හා පක්ෂියෙක් ප්‍රකාශනය වෙයි. මෙබඳු පිළිරුවක රාජ සභා මන්දිරය ඉදිරිපිට නිර්මාණය කිරීමට හේතුවූයේ කුමන හේතුද ? අභිප්‍රාය වූයේ කුමක්ද ? ඉතිහාසඥයින් අදහස් දක්වන ආකාරයට අධිරාජයා බැහැදැකීමට 11-4එන අමුත්තන් කෙරෙහි රාජ සභාව තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇතිකිරීමටත් එක් අසිරියන්වරුන්ගේ කලාත්මක නිර්මාණ කුසලතාවය ප්‍රදර්ශනය කිරීමක්ය. අධිරාජයාගේ සිංහාසනයෙන් පසුපස බිත්තිය සම්පූර්ණයෙන් සරසා තිබුණේ රජුගේ සටන් හා රණශූරත්වය ප්‍රදර්ශනය වන චිත්‍ර හා කැටයම්වලින්ය. රතු වර්ණය වැඩිපුර පාවිච්චිකර තිබුණු බවට සාක්ෂි ඇත. අසිරියන්වරුන්ගේ සටන් මානසිකත්වය මේ කලා කෘතිවලින් ඉස්මතුකර තිබෙන බව කලා විචාරකයෝ කියති. මේ අසිරියන් අධිරාජ්‍ය පරම්පරාවේ අවසාන, බලවත් අධිරාජ්‍ය වූයේ “ඇෂුර්බනිපාල් රජුය (668 - 633 ක්‍රි.පූ.) ඔහුව හඳුන්වනු ලැබුවේ කෲරත්වය හා සංස්කෘතිය මුසුකරගෙන අධිරාජ්‍යය පාලනය කළ රජතුමෙක් ලෙසය. ඔහු අධිරාජ්‍යයේ සංස්කෘතික දියුණුවට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. ඔහු පුස්තකාලයක් ස්ථාපිත කළේය. ඓතිහාසික ආගමික සාහිත්‍යමය විද්‍යාත්මක හා වාණිජ්‍යමය තොරතුරු මෙම පුස්තකාලයේ එක්රැස් කර තැබුවේය. ඵලක වාර්තා සකස් කළේය. බයිපාල් රජතුමාගේ පුස්තකාලයෙන් බොහෝමයක් අද ආරක්ෂිතව තැන්පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි මහා කෞතුකාගාරයේය. මෙබඳු සංස්කෘතික කටයුතුවලින්ද චිත්‍ර, පිළිරූ හා කැටයම් නිර්මාණවලින්ද ‍පෝෂණය වූ අසිරියන් අධිරාජ්‍යය ශත වර්ෂ 5ට ආසන්න කාලයක් බලගතුව පැවතුනි. රණකාමීත්වය,වීරත්වය යුද මානසිකත්වය අසිරියන්වරුන්ගේ ෙනෙසර්ගික ගුණය මිස කලා රුචිකත්වය හා නිර්මාණ කුසලතාවයද අසිරියන්වරු සතුවිය. ඔවුන් ඊජිප්තු, මෙස‍පොතේමියත්, බැබිලෝනියන් ශිෂ්ටාචාරයන්හි ආභාෂය ලබා ඇති බවද ප්‍රකාශ වෙයි.

Sep 18, 2013

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපේ මියගිය ඥාතීනුත්

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපේ මියගිය ඥාතීනුත්

පෙරදිග බෞද්ධ සංකල්ප අනුව දෙවියන්. දේවතාවුන්, යක්ෂ, රාක්ෂ, මාර, බ්‍රහ්ම යන අමනුෂ්‍ය කොට්ඨාස තුළ එකිනෙකාට යම් පමණක ඥාතිත්වයක් සබඳතාවයක් ඇතැයි පිළිගැනීමක් පවතී. එහෙත් අපේ දේශීය ජන  විඥානයට අනුව දෙවියන් හා දේවතාවුන් අතර යම් වෙනසක් පවතී. එහෙත් මෙම වෙනස නූතන සමාජයේ බොහෝදෙනා නොහඳුනති.

ප්‍රධාන දෙවිවරු හා සහ දෙව් පිරිවර කතරගම, විෂ්ණු, නාථ, ඊශ්වර, සමන්, පත්තිනි වැනි ශ්‍රී ලාංකීය ජන ප්‍රධාන දෙවිවරුන් අතිමහත් බල පරාක්‍රමයන්ගෙන් සපිරි පුද්ගල රූපී නොවූ බලශක්තීන් රාශියක සංකලනයන්ය. එවැනි එකිනෙකට අනන්‍ය වූ බලශක්තියක් තුළ අප්‍රමාණ වූ සේනාවකින් සැදුම්ලත් දේව මණ්ඩලයක්  ප්‍රධාන දෙවියකු වටා පවතී. පෙරකී සමහර දේවතාවුන් එම ප්‍රධාන දෙවියාගේ දේව බලශක්තිය තුළ වැජඹෙන පරිවාර සේනාවෝය. දෙවියන් සම්බන්ධ කතාබස්වලදී දේව මණ්ඩලය යන වදන නිතර ව්‍යවහාර වේ. එහෙත් මේ දේව මණ්ඩලවල ස්වභාවය බොහෝ දෙනෙක් නොදනිති. නොහඳුනති.

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලය අපේ ජන සංස්කෘතියේ එන විෂ්ණු සුරිඳුන්ගේ වාහල දෙවිඳුන් නැතිනම් දොරටු පාලකයා වැනි තනතුරක් දරන දෙවියා, යක්ෂ සම්භවයක් ඇති දැඩිමුණ්ඩ නැතිනම් අලුත් නුවර දේවතා බණ්ඩාරය. ඒ අනුව අලුත් නුවර දේවතා බණ්ඩාර යනු  විෂ්ණු බල පරාක්‍රමය යටතට ගැනෙන දෙවියන්ගේ  උප දෙවියෙකි. දැඩිමුණ්ඩ සුරිඳුන් විෂ්ණු දෙවිඳුන්ගේ උප දෙවියකු වුවද දැඩිමුණ්ඩ සුරිඳුන් යටතේද ඒ ආකාරයේම පරිවාර සේනාවක් සිටී. ඒ අතර සුදුමල් බණ්ඩාර දේවතාවද එක් අයෙකි. කෑරගල පද්මාවතී පිරුවන් දේවාලය, ඉඹුල්ගොඩ, අමුණුගොඩ කුඩු මිරිසේ දේවාලය, සුදුමල් බණ්ඩාර සඳහා වෙන් වූ  දෙවොල් අතර වෙයි.  සුදුමල් බණ්ඩාර යටතේද තවත් ඒ ආකාරයේම පරිවාර දේවතා සමූහක් වෙති. ඒ අනුව ඉහළින්ම සිටින ප්‍රධාන දෙවියාගේ සිට පහළින් පහළට ශාඛා විහිදෙමින් යන දේව මණ්ඩලයේ පහළම තලයට යනවිට භූතයන්, අසුරයන් වැනි යහපත් නොවූ අමනුෂ්‍යයන්ගෙන් සැදුම්ලත් පිරිසක්ද සිටිය හැකිය.

ඒ අනුව ඉහළින්ම වැජඹෙන ප්‍රධාන දෙවියාගේ පටන් දේව මණ්ඩලයේ පහලින් පහලට ගමන් කරන විට ඔවුන්ගේ බල පරාක්‍රමය,  තේජස හා යහගුණ ප්‍රධාන දෙවියාට සාපේක්ෂව ක්‍රමයෙන් අවප්‍රමාණ වන බව පෙනේ. නමුදු එය ප්‍රධාන දෙවියා සතු බල පරාක්‍රමයෙන් කොටසක් අංශු මාත්‍රයක් වන බැවින් එම උප ගණයේ දේවතාවන් සතු ස්වීය බලය එතරම ඇගයීමකට ලක් නොවේ.

එලෙස ප්‍රබල දෙවියකුගේ දේව මණ්ඩලයක පහළම තලයේ සිටින පෙර කී ආකාරයේ භූතයන් අසුරයන් වැනි අමනුෂ්‍ය කොට්ඨාස ප්‍රධාන දෙවියා ඇතුළු මුලින්ම වැජඹෙන දෙවිවරුන්ගේ බැලමෙහෙවර කරන දායකකම් කරන දේවතාවුන් පිරිස බව  ‍පොදු ජන විඥානයේ සටහන්ව තිබේ.
මෙහිදී බොහෝදෙනකු නොදත්  කරුණක්ද අනාවරණය කරනු කැමැත්තෙමි. එනම් අප නමින් මිය පරලොව ගිය අපේ නෑ පරපුරේ ඥාති මිත්‍රාදීන් ද තමන් කළ පව් පින් අනුව පෙර කී එක් එක් ප්‍රධාන දෙවියාගේ දේවමණ්ඩලයේ විවිධ ස්ථානවලට අරක් ගත හැකිවීමය.
ඒ අනුව ඉහත සඳහන් ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපට ඥාතිත්වයක් ඇති දේවතාවන් හා දේවතාවියන් අනන්තවත් සිටිය හැකිය. ඒ අනුව ප්‍රධාන දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව ලබාදීම කෙරෙහි එසේ එම  දේව මණ්ඩලවලට  පිවිස හිඳන මියගිය ඥාතීන් ද ඉදිරිපත් වීම් බහුලව සිදුවේ. නමුත් ඒ ප්‍රධාන දේවියා අදහන බොහෝ බැතිමත්හු ඒ බව නොදනි. නොතකති.

ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මවේදය පිළිබඳ පුරෝගාමී පර්යේෂක සමාජ විද්‍යාඥ මහාචාර්ය දයා අමරසේකර විසිනි
- උත්පලා සුභාෂිණී ජයසේකර / Lakbima

Sep 10, 2013

කපුකෙටූගල ගුහාවේ කෙළවරේ අභිරහස් උමං පද්ධතියක්

කපුකෙටූ ගල මත ඇති ගුහාව පිළිබඳ කිසිදු මුඛ පරම්පරාගත කියමනක් සොයාගත නොහැකි යැයි හේරත් බණ්ඩාරගේ බෑනා වන අධිකාරි පවසා සිටියේ ගුහා කටෙන් මම අවට පරිසරය විඳිමින් සිටින අතරවාරයේය. ගුහා කට පරිසරය දෙස බලා සිටින විශාල මත්ස්‍යයකු වැන්න. එහි ඇති සුවිශේෂීභාවය වන්නේ ගුහා කටෙන් අවකාශයට පිවිසෙන්නෙත් ගම අවට කඳු පන්ති කිසිදු බාධාවක් නොකිරීමය. යම් අයකු එලෙස පිවිසුණා යැයි උපකල්පනය කළහොත් ඔහුට ඇස් මානයේ අනන්තය කරා වුව යා හැකිය. ස්වාභාවික බාධා කිරීම් කිසිවක් නොමැති මේ ගුහා කට වසාගෙන සිටින්නේ කිනම් යුගයක, කුමන තාක්‍ෂණයක්ද යන්න විස¼දාගත යුත්තකි.


ගුහාවේ අභ්‍යන්තරය කරා හොඳින් ඉර එළිය පැමිණේ. මතුපිට බිත්තිය මැටිවලින් කපරාරු කළ බවට සාක්‍ෂි තවමත් එහි වේ. හේරත් බණ්ඩා සිටින්නේ සෙවිල්ලේය. ඔහු කළු කුමාර වී සොයා ගත්තේද ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසටය. (කළු කුමාර වී සොයා ගැනීම පිළිබඳ විශේෂාංග ලිපියක් "පාර දිගේ" අතිරේකයේ පළවිණි) තරුණ පිරිස් පැමිණ රාත්‍රි කිහිපයක් ගුහාවේ පහන් කර ඇති බවට සාක්‍ෂිද බොහෝ වේ. ඒවා අතරින් හේරත් බණ්ඩාගේ සියුම් ඉසිඹු ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට සොයා ගැනීමට ලැබුණේ වී ප්‍රභේදයකි. කුරුට්ට පමණක් යැයි අප උපකල්පනය කළද එම වී මදය සහිත යැයි ප්‍රථමව කීවේ අධිකාරිය. පුදුමය නම් දිගු කාලයක් වී සංරක්‍ෂණය වී තිබීමය. ගුහාවට වී පැමිණියේ කෙසේද යන්න විවාදයට තුඩුදිණි. හේරත් බණ්ඩා පවසා සිටියේ කුරුල්ලන් වී ගෙන එන්න ඇතැයි සිතිය නොහැක්කේ මෙතරම් වී ප්‍රමාණයක් රැගෙන ඒම සිදුවී නම් එය අද දවස වන විටත් දීර්ඝකාලීනව සිදුවිය යුත්තක් යන තර්කය සමඟය. මම ඉදිරිපත් කළේ මෙවැනි අදහසකි.


බිත්ති කපරාරුව සඳහා පැරැන්නන්් බදාම සකසා ගැනීම සඳහා ධාන්‍ය පොතු යොදා ගත්තා විය නොහැකිද යන්නය. එයට පිළිතුරු නොලැබුණත් හේරත් බණ්ඩා ඇසුවේ එසේ නම් වී පැවැතිය යුත්තේ තවදුරටත් "පොතු" වශයෙන් බවය. එයද පිළිගත යුත්තකි. තර්ක විතර්ක සහ මත දැක්වීම් මධ්‍යයේ හේරත් බණ්ඩා ගුහාවේ ඇති වී එක්කාසු කිරීම ඇරැඹුවේ තවත් අතීතයේ තිබූ වී ප්‍රභේදයකට ජීවය දීමට හැකි පිනක් තමන්ට ලැබේවා යන සිතිවිල්ලෙන් බණ්ඩාර දෙයියන්ට කන්නලව් කරන ගමන්ය.


ලියුම්කරු රැගෙන එනු සිතා වී ස්වල්පයක් කාල නිර්ණය කරගැනීම සඳහා අප පුවත්පතේ පුරාවිද්‍යා විෂය පිළිබඳ නැඹුරුවක් ඇති සඳරැසි සුදුසිංහ සහෝදරියට ලබාදුන් අතර ඇය ඒ සඳහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වූයේ එවැනි පරීක්‍ෂණයක් සඳහා විශාල මුදලක් වැයවෙනවා යැයි බලධාරීන් පවසා සිටි නිසාය. අතීත උරුමය මුදල් මත පදනම් වන සැටි!


ඒ අතරතුර අපි ගුහා බිත්ති නිරීක්‍ෂණය කළෙමු. ගුහා බිත්ති ඝනව කපරාරු කර ඇති බව බැලූ බැල්මට පෙනේ. බිත්තිය පමණක් නොව අප පය ගසා සිටින බිම් කඩද පස් පුරවා සකසා ඇතැයි තේරුම්ගත හැකි වුණේ මුදුන් මුලක් ඇති ශාක කීපයක් ඒ මත මුල් යවා හිරු එළිය සොයා ගුහා කටෙන් පිටතට ශාක පත්‍ර යවා තිබූ නිසාය. ගුහාවේ කෙළවර පැහැදිලි නොවුණත් කෙළවර සිට අෑතට ඇදී යන උමං කටවල් කීපයක් පැහැදිලිවම පෙනෙන්නට තිබූ අතර ඒවා කපු කෙටූ ගල මත ඇති තවත් ගුහාවක් කරා හෝ උමං මාර්ගයක් කරා යොමු වූ ඒවා විය හැකි යැයි හේරත් බණ්ඩා පවසා සිටියේය.


"මහත්තයා දන්නවද අපි මේ ජීවත් වෙන පරිසරය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් නෙවෙයි කියලා? ඒක හරියට දැනගෙන හිටපු උත්තමයා තමයි බණ්ඩාර දෙයියෝ. ඒ කියන්නේ රාවණා රජතුමා. බුදු දහමට අනුව ලෝකයේ ජීවය කියල දෙයක් පහළ වුණේ ඍතුව එළැඹීම එක්ක. ඍතුව කියල කියන්නේ උෂ්ණය සහ තෙත කියන එක. ජෛව විවිධත්වය කියල කියන්නේ ඒ කියන උෂ්ණය හරි තෙත හරි කොයි තරම් හොඳ අතට පිහිටල තියෙනවද කියන එක. ඒ සාධක දෙක එකට ගැළපිලා අවුරුද්ද පුරා එකට පවතිනවා නම් ඒ රටවල් තමයි ජෛව විවිධත්වය වැඩිම රටවල්. ලංකාවෙ දැන් අපි මේ ඉන්නා රිවස්ටන් කඳු පන්තිය ජෛව විවිධත්වය අතින් ගොඩක් ඉහළ තැනක්. ඒත් එක්ක තියෙන වැදගත්ම දේ තමයි ජෛව විවිධත්වයෙන් ඉහළ රටවල් මනුෂ්‍ය වාසයට නොගැළපෙනවා කියන එක. ඒකට හේතුව තමයි ජෛව විවිධත්වය තුරුලතාවලට සත්තුන්ට හිතකර විදියට ගළපලා ඒවායේ වර්ධන වේගය ඉක්මන් කරන එක. දැන් ලංකාවේ ඒ වගේ ස්ථාන එළිපෙහෙළි කළාම මොකද වුණේ කියල පේනවනේ. උදාහරණයකට රිවස්ටන් ගමු. කළුකන්ද පැත්ත එනසාල් වවන්න එළි කළා. අද ඒ හින්ද වර්ෂා රටාව පවා වෙනස් වෙලා. කොංගෝව, ඇමසන් වනාන්තර එළිපෙහෙළි කිරීම්වලින් ඔරොත්තු නොදෙන ප්‍රතිඵල අත්වෙලා තියෙනවා. යුරෝපාකාරයෝ ලංකාවට එද්දි අවශ්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයක් වර්ෂා ජලය අපට ලැබුණා මෝසම් සුළං දෙකෙන්. ඒ කියන්නේ වඩා බලවත් නිරිතදිග මෝසමත් එක්ක තමයි ජලය අපට ලැබෙන්නේ. ඒකට හේතුව ලංකාවට දකුණින් දූපත් හරි ලොකු රටවල් හරි නැති එක. මේ තත්ත්වය තේරුම් ගත්ත පාලකයා තමයි රාවණා රජතුමා. එතුමා කඳු මුදුන්වල පදිංචි වුණේ. උමං මාර්ග ප්‍රවාහනයට යොදා ගත්තේ නුසුදුසු බිමක සුදුසු විදියට ජීවත් වෙන්න ඕනෑ හින්දා."


ප්‍රභාත් අත්තනායක

Sep 5, 2013

සිරියානු අර්බුදය තෙවන ලෝක යුද්ධයක් කරා ලෝකයා රැගෙන යයිද?

මේ වෙද්දී සිරියානු අර්බුදය පවතින්නේ එහි උච්චතම අවස්ථාවෙයි. ඔවුන් රසායනික අවි භාවිත කරන බවට ලෝකයා චෝදනා නගයි. ඒ නිසා සිරියාව යළිත් කරලියට පැමිණ සිටියි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව නැගී සිටිද්දී ඔවුන්ගේ පැත්ත ගෙන කතා කරන්නේ රුසියාව හා 3-1ඉරානයයි. සිරියාවේ රසායනික අවි භාවිතයත් ඔවුන් මැදි කර ගනිමින් ජාත්‍යන්තරයේ බෙදීමත් තවත් යුද්ධයක් කරා ලෝකයා රැගෙන යයිද? 

පසුගිය දිනවල සිරියාවේ සිදු වූ මරණ බොහොමයකට හේතුව රසායනික අවි භාවිතය බව බොහෝ දෙනාගේ චෝදනාවයි. මෙහිදී මිය ගිය පිරිස සිය ගණන ඉක්මවයි. වසර දෙකකට ආසන්න සිරියානු යුද්ධයේදී මේ දක්වා දහස් ගණනක් මිය ගියද සිරියානු යුද්ධය ගැන ජාත්‍යන්තරය කලබල වූයේ රසායනික අවි ප්‍රහාර පිළිබඳ හෝඩුවාවක් මතුව ඒමත් සමගයි. සිරියාවේ ඩැමස්කස් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ තුළ මේ ප්‍රහාර සිදුව ඇති බවට සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් ලැබි ඇති ප්‍රධානතම සාක්ෂි කිහිපයක් වේ. ඒ අතරින් එකක් වන්නේ නියුරෝටොක්සික් රෝග  ලක්ෂණ ඇති පුද්ගලයන් තුන් දහස් හයසියයක් පමණ හමුව තිබිමයි. රෝහල් තුනක ප්‍රතිකාර ලබමින් පසු වූ මේ රෝගීන්ගෙන් තුන්සිය පනස් පස් දෙනකු මේ වන විට මිය ගොස් සිටියි. මේ  අතර දූෂණ විමර්ශන මධ්‍යස්ථානයෙන් ලැබි ඇති තවත් තොරතුරක් වන්නේ රසායනික විෂ හේතුවෙන් ඩැමස්කස් ආශ්‍රිත නගර අටක පුද්ගලයන් හාරසිය පනස් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට වාර්තා ලැබෙමින් පවතී.
3-2
කැරලිකරුවන්ගේ අණසක යටතේ පවතින ඩැමස්කස් අගනුවර වටා පිහිටි කෘෂිකාර්මික කලාපයක් වූ ගෝටා දිස්ත්‍රික්කයේ ඉකුත් අගෝස්තු විසි එක්වනදා දරුණු සටන් පැවැති බව සිරියානු විරුද්ධ පක්ෂය සිය ෆේස් බුක් වබේ අඩවියේ සඳහන් කර තිබිණි. ගෝටා දිස්ත්‍රික්කයට අයත් එයින් ටර්මා ප්‍රදේශයේ රසායනික ශෙල් ප්‍රහාර සිදු වූ බව ඒ වාර්තා තුළ විය. එසේම තවත් වාර්තාවකින් කියවුණේ ගෝටාවලට අයත් සමල්කාවලදී රසායනික අවි භාවිතය සිදු වූ බවයි. තුවාල ලැබූවන් මහ මග වැටී සිටින අයුරු වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සිරියානු රජය කියා සිටියේ ගෝටාවල හමුදා මෙහෙයුම් සිදු කළද රසායනික අවි භාවිත  නොකළ බවයි.

මේ රසායනික අවි ප්‍රහාර සිරියානු රජය විසින් සිදු කළ බවට විරුද්ධ පක්ෂය චෝදනා නගද්දී රාජ්‍ය පාක්ෂිකයෝ එය වෙනම පැත්තකට හරවා තිබේ. ඔවුන් කියන්නේ කැරලිකරුවන් විසින් ඒ ප්‍රහාර සිදු කර එය රජය පිට පැටවීමට උත්සාහ දරන බවයි. කෙසේ වුවද මේ රසායනික අවි භාවිතයේ කතාව මතෛක් කලක් නිසොල්මනේ ගලා ගිය සිරියානු යුද ගැටුම්වල හැරවුම් ලක්ෂයක්ව පවතී. මේ ප්‍රහාර මාලාවත් සමග කවුරුත් කතා කරන්නේ සිරියාවේ රසායනික අවි භාවිතය ගැනයි.මෙහිදී සිරියාවේ ගැලවුම්කරුවන් වී ඇත්තේ රුසියාව හා ඉරානයයි. ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධතාවලින් සිය අරාබි මිතුරා බේරා ගැනීමට ඔවුන් ප්‍රබල සටනක යෙදේ. මේ අතර ඇමෙරිකාව අර අදින්නේ කෙසේ හෝ සිරියාව මැඩලීමටයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවලින් ඇමෙරිකාවට හොඳ තල්ලුවක් ලැබෙමින් පවතී. පසුගිය දිනවල සිරියාවේ සිදු වූ බව කියන රසායනික අවි ප්‍රහාරවල කතාව කන වැකීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා කියා සිටියේ ඒ පිළිබඳ දැඩි පියවරක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි. බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ද වහා ක්‍රියාත්මක වෙමින් නිවේදනය කර සිටියේ සිරියාවේ රසායනික ප්‍රහාර සිද්ධිය ගැන තමන් දැඩි විමසිල්ලකින් පසුවන බවයි. කොහොමටත් සිරියාව වැනි මැද පෙරදිග රටක් රසායනික අවි භාවිතයේ ඉදිරියට එනවාට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විරෝධය පායි. එහිදී විශේෂයෙන්ම ඇමෙරිකාව කැපී පෙනේ. ඔවුන් කවදත් වෙනත් රටක් තමන්ට වඩා ඉහළින් යනවාට අකමැති වන්නේ ලෝක බලවතා යන ලෝගුව දාගෙන සිටින නිසා වන්නට ඇත. කෙසේ වුවද කිනම් හෝ රටක් රසායනික අවි භාවිත  කරන්නේ නම් එහි අවදානමක් වේ. එබැවින් ඊට එරෙහිව හඬක් නැගිය යුතුව ඇත.
3-3
සිරියානු යුද්ධයෙන් කැරලිකරුවන් ජය ගනු දැකීම බටහිර රාජ්‍යයන්ගේ අභිප්‍රාය නොවේ. එහෙත් සිරියාවට රසායනික අවි භාවිත  කිරීමට ඔවුන් ඉඩ නොදේ. යම් හෙයකින් සිරියාව රසායනික අවි භාවිතයේ ඉදිරියට ආවහොත් එය ඔවුන්ටද තර්ජනයක් වේ. ඒ නිසා සම්බාධක පනවා හෝ එය නතර කිරීමට ඔවුන් පෙළ ගැසී සිටියි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට එක්සත් ජාතීන් පෙළඹවීමටද ඔවුන් උත්සුක වී තිබේ. නිය‍පොත්තෙන් කඩන්නට හැකි දේ ‍පොරොවෙන් කපන්නට වෙන තෙක් බලා නොසිටිය යුතුවාක් මෙන් සිරියාව රසායනික අවි භාවිත  කරන්නේ නම් එය දැන්මම නැවැත්විය යුතුව ඇත. මේ ප්‍රශ්නයේදී රුසියාවත් ඉරානයත් සිරියාවේ පැත්ත ගනිද්දී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ඊට විරුද්ධව නැගී සිටිමින් දෙපිරිසකට බෙදී තිබේ. මේ බෙදීම එදා හටගත් දෙවන ලෝක යුද්ධයේ මතකය අවදි කරන්නකි. එබැවින් සිරියානු අර්බුදය ඉක්මන් විසඳුමක් කරා යා යුතු වේ. නැතහොත් තෙවන ලෝක යුද්ධයක උණුසුම නුදුරේදීම අපට දැනෙණු ඇත.

Sep 3, 2013

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභයගේ ප්‍ර​කාශය ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍ර​කාශයක් – බොදු බල සේනා

අද 2013 සැප්තැම්බර් 3 වන  දින කොළඹ පැවති  ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින්  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ  ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක්  පිලිබඳ  සඳහන් කරමින් ” මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් ” බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස අද දින පැවති  බොදු බල සේනා විධායක කමිටු රැස්වීමේදී දැඩි පැසසුමට ලක්වූ බව​ බොදු බල සේනා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

පහත පළවන්නේ සම්පූර්ණ නිවේදනය යයි;
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බොදු බල සේනා
අද 2013 සැප්තැම්බර් 3 වන  දින කොළඹ පැවති  ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින්  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ  ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක්  පිලිබඳ  සඳහන් කරමින් ” මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් “  බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස අද දින පැවති  බොදු බල සේනා විධායක කමිටු රැස්වීමේදී දැඩි පැසසුමට ලක් විය.
වසරකට ආසන්න කාලයක් තුල බොදු බල සේනා සංවිධානය  මුස්ලිම් අන්තවාදයක ඇති භයානක බව ප්‍රකාශ කරමින් මතවාදීව කරනු ලැබූ සටනේ වැදගත් ජයග්‍රහණයක් ලෙස මෙම ප්‍රකාශය බොදු බල සේනා පිලි ගනී. මෙම හෙලිදරුව් කිරීම් නිසා බොදු බල සේනා  යනු ත්‍රස්තවාදී සංවිධානයක් බව ප්‍රකාශ කල ඊනියා දේශපාලනික නායකයින්ට හා අනෙකුත් බලවේග වලට මෙම ප්‍රකාශය නිසි පිළිතුරක් බව බොදු බල සේනා අදහසයි.

මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි  අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය.

සත්‍ය ප්‍රකාශ කිරීම මේ රටේ දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ චර්යාවේ කොටසක් නොවන යුගයක හා තාවකාලික  වාසි  තකා වැඩ කරන යුගයක, පටු දේශපාලනික වාසි ගැන නොසිතා  කොන්ද කෙලින් තබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙම ප්‍රකාශයට අන්තවාදී නොවන සිංහල ජාතිය හා මුස්ලිම්, දෙමල ඇතුළු සියලු ජන කොටස් වල  ගෞරවය හිමි විය යුතු බව බොදු බල සේනා විශ්වාසය පල කරයි. මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදය පරදවමින් ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත් කිරීමට නායකත්වය දීමට මුලාරම්භයක්  ලෙස මෙම ප්‍රකාශය සැලකිය යුතු බව බොදු බල සේනා තවදුරටත් අවධාරනය කරනු ලබයි.